1
යෙසායා 53:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් එතුමන් තුවාල ලද්දේ, අපේ අපරාධ නිසා ය. එතුමන් තැළුම්-පෙළුම් ලැබුවේ, අපේ අයුතුකම් නිසා ය. අපට ශාන්තිය සැලසුනු දඬුවම එතුමන් පිට පැටවිණි. එතුමන් ලද කසපහරවලින් අපි සුව කරනු ලැබ ඇත්තෙමු.
සසඳන්න
යෙසායා 53:5 ගවේෂණය කරන්න
2
යෙසායා 53:6
අපි සැවොම බැටළුවන් සේ මංමුළා ව ගොස් ඇත්තෙමු; අප හැම කෙනකු ම තම තමාගේ මාර්ගයට හැරී ගොසිනි; ස්වාමින්වහන්සේ ද අප හැමගේ අයුතුකම් එතුමන් පිට තැබූ සේක.
යෙසායා 53:6 ගවේෂණය කරන්න
3
යෙසායා 53:4
සැබවින් ම එතුමන් දරා ගත්තේ, අපේ වේදනාව ය. උසුලා ගත්තේ අපේ සෝ-දුක් ය. එහෙත් අප සිතුවේ, දෙවියන්වහන්සේ විසින් පහර දෙන ලද, තලා පෙළන ලද හිංසාවට පත් කරන ලද කෙනෙකැයි කියා ය.
යෙසායා 53:4 ගවේෂණය කරන්න
4
යෙසායා 53:3
මිනිසුන් විසින් සුළු කොට තකන ලද, ප්රතික්ෂේප කරන ලද කෙනෙකි එතුමන්; සෝ-දුක් උසුලන මිනිසෙකි. වධ වේදනාව හුරු වූවෙකි. මිනිසුන් විසින් තම මුහුණු සඟවා ගන්න කෙනකු මෙන්, එතුමන් සුළු කොට තකනු ලැබූ කෙනෙකි. අපිදු එතුමන්ට ගරු බුහුමන් නො දැක්වීමු.
යෙසායා 53:3 ගවේෂණය කරන්න
5
යෙසායා 53:7
එතුමාණන් පීඩාවට පත් කරන ලද නමුදු හා වධ හිංසාවට පමුණුවනු ලද නමුදු එතුමා තම මුව විවර කළේ නැත. මරන්නට ගෙන යන බැටළු පැටවකු විලස හා ලොම් කපන්නන් අබියස බැටළුවකු නිහඬ ව සිටින විලස, එතුමන් තම මුව, විවර කළේ නැත.
යෙසායා 53:7 ගවේෂණය කරන්න
6
යෙසායා 53:10
එහෙත් ස්වාමින්වහන්සේගේ කැමැත්ත වූයේ එතුමන් තළා-පෙළා, වධ වේදනාවට පත් කිරීම ය. එතුමන්ගේ ජීවය, පව් නසන පූජාවක් වූ කල, එතුමන් තම වංශය දකිනු ඇත. එතුමන් තම දවස් දිගු කර ගනී; ස්වාමින්වහන්සේගේ කැමැත්ත ද එතුමන් අත සඵල වන්නේ ය.
යෙසායා 53:10 ගවේෂණය කරන්න
7
යෙසායා 53:2
මන්ද එතුමන් උන්වහන්සේ ඉදිරියේ ළා පැළයක් සේ, වියළි පොළොවෙන් මතුවන මුලක් සේ වැඩුණේ ය. එතුමන් දෙස බලන්නට තරම් රූපයක් හෝ තේජසක් හෝ අපට ප්රියවඩන කිසිවක් එතුමන්ගේ පෙනුමෙහි තිබුණේ නැත.
යෙසායා 53:2 ගවේෂණය කරන්න
8
යෙසායා 53:12
එබැවින් ශ්රේෂ්ඨයින් අතරෙහි කොටසක් මම ඔහුට බෙදා වෙන් කර දෙමි. බලවතුන් සමඟ එතුමා කොල්ලය බෙදා ගනු ඇත. මන්ද මරණය දක්වා ම, එතුමන් තම ජීවිතය වැගිර වූ බැවිනි; අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබූ බැවිනි. මන්ද බොහෝ දෙනකුගේ පාප දරාගත් එතුමෝ, අපරාධකරුවන් උදෙසා මැදහත්කමක් කළ සේක.
යෙසායා 53:12 ගවේෂණය කරන්න
9
යෙසායා 53:11
තම ජීවයේ කටුක වේදනාවෙන් ලද දෑ දැක, එතුමන් තෘප්තිමත් වන්නේ ය. මගේ ධර්මිෂ්ඨ තැනැත්තාණන්, මගේ සේවකයා, ස්වකීය දැනගැන්මෙන් බොහෝ දෙනකු ධර්මිෂ්ඨ කරනු ඇත. ඔවුන්ගේ අයුතුකම් තමන් පිට දරා ගනු ඇත.
යෙසායා 53:11 ගවේෂණය කරන්න
10
යෙසායා 53:8
එතුමන් ඉවත ගෙන යන ලද්දේ, අයුතුකමින් හා අව-නඩුවකිනි; මගේ ජනයාගේ නොපනත්කම් නිසා ජීවතුන්ගේ දේශයෙන් එතුමන් සිඳ දමනු ලබතැයි එතුමන්ගේ පරපුරේ කවරකු හෝ කල්පනාවට ගත්තේ ද?
යෙසායා 53:8 ගවේෂණය කරන්න
11
යෙසායා 53:9
ඔවුන් එතුමන්ගේ සොහොන සෑදූයේ දුෂ්ටයින් අතරේ ය. මරණයේදී එතුමන් වූයේ ධනවතකු සමඟ ය. එහෙත් එතුමන් කිසි සැහැසිකමක් කර තිබුණේ නැත; එතුමන්ගේ මුවෙහි කිසි රැවටිල්ලක් තිබුණේ ද නැත.
යෙසායා 53:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ