1
යෙසායා 51:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ඔබ සනසන තැනැන්වහන්සේ මම ය. මම ම ය. මැරෙන සුළු මිනිසුන්ට, තණපත් බඳු වූ මනුෂ්‍ය-පුත්‍රයින්ට භය වන ඔබ කවුද?
සසඳන්න
යෙසායා 51:12 ගවේෂණය කරන්න
2
යෙසායා 51:16
මගේ වචන මම ඔබේ මුවෙහි තබා, මගේ අතේ සෙවණැල්ලෙන් මම ඔබ ආවරණ කළෙමි. අහස පිහිටු වූයේත්, පොළොවේ අත්තිවාරම් ලා, ‘මගේ ජනයා ඔබ යැ’ යි සියොනට කියන්නේත් මම ය.”
යෙසායා 51:16 ගවේෂණය කරන්න
3
යෙසායා 51:7
“ධර්මිෂ්ඨකම දන්නා-හඳුනන, තම හදවත්හි මගේ ව්‍යවස්ථාව ඇති ජනයිනි, මට සවන් දෙන්න: මිනිසුන්ගේ අවලාදවලට භය නො වන්න. ඔවුන්ගේ පරිභවවලින් තැති නො ගන්න.
යෙසායා 51:7 ගවේෂණය කරන්න
4
යෙසායා 51:3
මන්ද ස්වාමින්වහන්සේ සියොන සනහන සේක. එහි නාස්ති වූ සියල්ල සනසන උන්වහන්සේ එහි කාන්තාර, ඒදන් උයන සේ ද එහි පාළු කතර, ස්වාමින්වහන්සේගේ උයන සේ ද වන්නට සලසන සේක. ඒ තුළ ප්‍රීතිය හා ප්‍රමෝදයත්, ස්තුති දීම් හා ගීත නාදයත් හමු වනු ඇත.
යෙසායා 51:3 ගවේෂණය කරන්න
5
යෙසායා 51:11
ස්වාමින්වහන්සේ වන්දි ගෙවා, නිදහස් කර ගනු ලැබුවෝ, ආපසු එති. ඔවුන් ප්‍ර්‍රීති නාද පවත්වමින්, සියොන වෙත පිවිසෙනු ඇත. සදාතනික ප්‍රීතිය, ඔවුන්ගේ හිස් පැලඳෙනු ඇත. සොම්නස හා ප්‍රීතිය, ඔවුන් වට කොට ගැනේ. ශෝකය හා සුසුම්, ඉවත පලා දිවේ.
යෙසායා 51:11 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ