1
හෙබ්‍රෙව් 10:25
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඇතමුන් කරන ලෙස අප එකට රැස්වීම අතපසු කිරීමෙන් නො ව, ඒ දවස ළං ව එන බැව් ඔබට පෙනෙන නිසා, වඩ වඩා එකිනෙකා දිරි ගන්වමින් එසේ කරමු.
සසඳන්න
හෙබ්‍රෙව් 10:25 ගවේෂණය කරන්න
2
හෙබ්‍රෙව් 10:24
තවද ප්‍රේමයට හා හොඳ වැඩට එකිනෙකා පොලඹවන්නේ කෙසේදැයි සිතා බලමු
හෙබ්‍රෙව් 10:24 ගවේෂණය කරන්න
3
හෙබ්‍රෙව් 10:23
පොරොන්දුව දුන් තැනැන්වහන්සේ විශ්වසනීය බැවින්, අප ප්‍රකාශ කරන බලාපොරොත්තුව නො සැලී, බදා අල්ලා ගනිමු.
හෙබ්‍රෙව් 10:23 ගවේෂණය කරන්න
4
හෙබ්‍රෙව් 10:36
මන්ද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු, පොරොන්දු වූ දෑ ලබන පිණිස, ඉවසා දරා සිටීම ඔබට අවශ්‍ය ය.
හෙබ්‍රෙව් 10:36 ගවේෂණය කරන්න
5
හෙබ්‍රෙව් 10:22
ඉසිනු ලැබීමෙන් අප හදවත් වරදකාර හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබ, අප සිරුරු පිරිසිදු දියෙන් සෝදනු ලැබ, ඇදහිල්ලේ පූර්ණ විශ්වාසයෙන් යුතු අවංක හදවතින් ළඟා වෙමු.
හෙබ්‍රෙව් 10:22 ගවේෂණය කරන්න
6
හෙබ්‍රෙව් 10:35
එබැවින් විශිෂ්ට ත්‍යාග දීමනාවක් හිමි ඔබගේ ඒ විශ්වාසය ඉවත නො දමන්න.
හෙබ්‍රෙව් 10:35 ගවේෂණය කරන්න
7
හෙබ්‍රෙව් 10:26-27
සත්‍යය අවබෝධය ලද පසුත්, අප දැන දැන ම පව් කරනවා නම්, පාප උදෙසා යාගයක් තවත් ඉතිරි ව නැත; ඇත්තේ විනිශ්චය ගැනත්, සතුරන් දවා දමන උදහස් ගින්න ගැනත් බියජනක බලාහිඳීමක් පමණි.
හෙබ්‍රෙව් 10:26-27 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ