එවිට පාරාවෝ, යෝසෙප්ට කතා කොට, “ඔබේ පියා සහ ඔබේ සහෝදරයින් ඔබ වෙත ඇවිල්ලා. ඊජිප්තු දේශය ම ඔබ ඉදිරියේයි. ඔබේ පියා සහ ඔබේ සහෝදරයින් දේශයේ හොඳ ම කොටසේ පදිංචි කරවන්න. ඔවුන් ගෝෂෙන් පෙදෙසේ වාසය කළා වේ. ඔවුන් අතරේ විශේෂ හැකියාවක් ඇති අය සිටිනවා නම්, මගේ සත්ව සම්පත් ඔවුන්ගේ බාරයට පත් කරන්නැ” යි කීවේ ය.