1
ගලාති 6:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින් යහ වැඩ කිරීමෙහි වෙහෙසට පත් නො වී, බලාපොරොත්තු හැර නො දමා සිටින්නෙමු නම්, නිසි කල අප අස්වනු නෙළනු ඇත.
සසඳන්න
ගලාති 6:9 ගවේෂණය කරන්න
2
ගලාති 6:10
එබැවින් අපට ඇති ඉඩ ප්රස්තා අනුව හැම විට, විශේෂයෙන් ඇදහිල්ලේ පවුලට සෙත සලසමු.
ගලාති 6:10 ගවේෂණය කරන්න
3
ගලාති 6:2
එකිනෙකාගේ බර ඉවසා දරා ගැනීමෙන්, ක්රිස්තුස්වහන්සේගේ නීතිය ඉෂ්ට කරන්න.
ගලාති 6:2 ගවේෂණය කරන්න
4
ගලාති 6:7
නො රැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම් කරන්නට කිසිවකුට නුපුළුවන. කෙනකු කපා ගන්නේ, ඔහු ම වපුරන දෙයිනි.
ගලාති 6:7 ගවේෂණය කරන්න
5
ගලාති 6:8
මන්ද තමාගේ මාංසය උදෙසා වපුරන්නා, මාංසයෙන් ජරාවට පත්වීම කපා ගනී. ආත්මයාණන් උදෙසා වපුරන්නා, ආත්මයාණන්ගෙන් සදාතන ජීවනය නෙළා ගනියි.
ගලාති 6:8 ගවේෂණය කරන්න
6
ගලාති 6:1
සහෝදරයිනි, යමකු නොපනත්කමක් කරද්දී අසු වුවහොත්, ආත්මික වූ ඔබ මෘදුකමින් යුතු ව යළි ඔහු හරි මඟට ගෙන ආ යුතු ය. තමන් ගැනත් පරෙස්සම් වන්න; පරීක්ෂාවට නො වැටෙන්නට වග බලා ගන්න.
ගලාති 6:1 ගවේෂණය කරන්න
7
ගලාති 6:3-5
කමකට නැති කෙනෙක් තමා වැදගතෙකැයි සිතයි නම්, ඔහු තමා රවටා ගනී. හැම කෙනකු ම, තම ක්රියා කලාපය තමන් ම තක්සේරු කර ගනිත්වා; එවිට තමා ම පාරට්ටු කර ගැනීමේ හේතුව තමන් තුළ ම ය; තම අසල්වැසියා තුළ නො වේ. මන්ද හැම කෙනකු ම තම තමාගේ බර ඉසිලිය යුතු ව ඇත.
ගලාති 6:3-5 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ