ඔවුහු ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරමින්, ස්තුති දෙමින්, ප්‍රතිචාරාත්මක ව ගායනා කළේ,
“උන්වහන්සේ යහපත් ය.
ඉශ්රායෙල්ට ඇති උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට ම පවත්නේ ය” යනුවෙනි.
ඔවුන් ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරද්දී, මුළු මහත් ජනයා මහ හඬ නගමින් කෑ මොර දුන්හ. මන්ද ස්වාමින්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම දමනු ලැබූ බැවිනි.