1
එසකියෙල් 34:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
මම නැතිවූවන් සොයා, මංමුළා වූවන් ආපසු ගෙනෙන්නෙමි. මම තුවාලවූවන්ට බෙහෙත් බැඳ දුබලවූවන් නගා සිටුවන්නෙමි. එහෙත්, තරවුන් හා බලගතුවුන් විනාශ කර දමන්නෙමි. මම යුක්ති සහගත ව රැළ බලා ගන්නෙමි.
සසඳන්න
එසකියෙල් 34:16 ගවේෂණය කරන්න
2
එසකියෙල් 34:12
විසිර ගිය බැටළු රැළ අතරේ සිටින එඬේරකු තම රැළ රැක බලාගන්නා සේ, මමත් මගේ බැටළුවන් රැක බලා ගනිමි. වලාකුළින් බර අඳුරු දවසක විසුරුවා දමනු ලැබූ හැම තැනකින් ම මම ඔවුන් මුදා ගන්නෙමි.
එසකියෙල් 34:12 ගවේෂණය කරන්න
3
එසකියෙල් 34:11
“ ‘මන්ද පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම පෞද්ගලික ව ම මගේ බැටළු රැළ සොයා, ඔවුන් රැක බලා ගනිමි.
එසකියෙල් 34:11 ගවේෂණය කරන්න
4
එසකියෙල් 34:15
මගේ බැටළුවන් මම රැක බලා ගන්නෙමි. මම ඔවුන්ට සැනසිල්ලේ ගත කරන්නට සලස්සමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
එසකියෙල් 34:15 ගවේෂණය කරන්න
5
එසකියෙල් 34:31
නුඹලා, මගේ බැටළුවන් ය. මගේ තණ බිමේ බැටළුවන් වන මිනිසුන් ය. මගේ ජනයා ය. මම ඔබගේ දෙවියන්වහන්සේ යැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.’ ”
එසකියෙල් 34:31 ගවේෂණය කරන්න
6
එසකියෙල් 34:2
“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් එඬේරුන්ට එරෙහිව දිවැසි වැකි පවසන්න. දිවැසි වැකියෙන් ඔවුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: තමන් ම පෝෂ්‍ය කර ගන්නා ඉශ්රායෙල් එඬේරුන්ට දුක් වේ! එඬේරුන් තමන්ගේ සත්ව රංචු පෝෂ්‍ය කළ යුතු නො වන්නේ ද?
එසකියෙල් 34:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ