නියෝග හා උපදෙස් ඔවුන්ට උගන්වා, ඔවුන් ජීවත් විය යුතු අන්දම හා ඔවුන් කළ යුතු කාර්යයන් ඔවුන්ට පෙන්වා දෙන්න. එපමණක් නො ව, දේව භයින් යුක්ත, විශ්වාසවන්ත හා අයුතු වාසියට ද්වේෂ කරන සුදුසු මිනිසුන් මුළු ජනතාව අතරින් සොයා, ඔවුන් දහසකට අධිපතීන් ද සියයකට, පනහකට හා දහයකට අධිපතීන් ද කොට පත් කරන්න.