ඊජිප්තුවේ හැම කුලුඳුලෙක් ම මියෙන්නේ ය. සිහසුනේ සිටින පාරාවෝගේ කුලුඳුලා පටන් ඇඹරුම් ගලේ වැඩ කරන දාසියගේ කුලුඳුලා දක්වා ද ගවයින්ගේ කුලුඳුල් සත්තු ද මියෙන්නෝ ය. ඊජිප්තු දේශය පුරා මහ විලාපයක්, මෙතෙක් කිසි කලෙක නො වූ විරූ, මතු කිසි කලෙක නො වන්නා වූ අන්දමේ විලාපයක් වන්නේ ය.