රජුගේ මෙම ආඥාපත් මගින් හැම පුරවරයක ම වෙසෙන යුදෙව්වරුන්ට එක් රැස් වී, තමන්ගේ ආත්මාරක්ෂාව සලසා ගැනීමේ ද තමන්ට හෝ තම භාර්යාවන් හා දරුවන්ට පහර දෙන කවර ජාතියකට හෝ කවර ප්රාන්තයකට හෝ අයත් ආයුධ සන්නද්ධ සේනාවන් විනාශ කිරීමේ, මරා දැමීමේ හා සමූලඝාතන කිරීමේ ද ඔවුන්ගේ සතුරන්ගේ දේපළ කොල්ලකෑමේ ද අයිතිය අනුමත කරන ලදී.