එවිට, ආමෝස්, අමසියාට පිළිතුරු දෙමින්, “මම දිවැසිවරයෙක් හෝ දිවැසිවරයකුගේ පුතෙක් හෝ නො වෙමි. මම එඬේරෙක්මි; අත්තික්කා ගස් රැකබලාගන්නෙක්මි. එහෙත් ස්වාමින්වහන්සේ එළු බැටළු රැක්මෙන් පිටතට මා රැගෙන, ‘යන්න! මගේ ජනතාව වන ඉශ්රායෙල්වරුනට දිවැසි වැකි පවසන්නැ’ යි ස්වාමින්වහන්සේ ම කී සේක.