1
2 රාජාවලිය 2:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔවුන් එතෙර වූ කල, එලියා, එලීෂා අමතමින්, “ඔබ වෙතින් මා ගනු ලබන්නට පළමුවෙන්, මා ඔබ උදෙසා කළ යුත්තේ මොනවා ද කියා කියන්නැ” යි කී ය. එලීෂා පිළිතුරු දෙමින්, “ඔබේ ආත්ම භාවය මෙන් දෙගුණයක් මට ලැබේවා” යි පැවසී ය.
සසඳන්න
2 රාජාවලිය 2:9 ගවේෂණය කරන්න
2
2 රාජාවලිය 2:11
ඔවුන් එක් ව කතා කරමින්, ගමන් කරද්දී හදිසියේ ම ගිනි රථයක් හා ගිනි අශ්වයින් පෙනී, ඔවුන් දෙදෙනා වෙන් කෙරිණ. එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැගී ගියේ ය.
2 රාජාවලිය 2:11 ගවේෂණය කරන්න
3
2 රාජාවලිය 2:10
එවිට එලියා, “ඔබ ඉල්ලුවේ අමාරු දෙයක්. එහෙත් ඔබ වෙතින් මා ගන්නවා ඔබ දුටුවොත්, ඔබට එය ලැබෙයි. නැත්නම් ලැබෙන්නේ නැතැ” යි පැවසී ය.
2 රාජාවලිය 2:10 ගවේෂණය කරන්න
4
2 රාජාවලිය 2:14
ඉන්පසු එලීෂා එලියාගෙන් වැටුණු සළුව ගෙන, “එලියාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කොහෙදෝ?” යි කියමින් එයින් වතුරට ගැසී ය. ඔහු වතුරට ගැසූ කල, වතුර දකුණටත්, වමටත් බෙදී ගියේ ය. ඔහු එතෙර විය.
2 රාජාවලිය 2:14 ගවේෂණය කරන්න
5
2 රාජාවලිය 2:12
එලීෂා ඒ දැක මොර ගසමින්, “මගේ පියාණෙනි! මගේ පියාණෙනි! ඉශ්රායෙල්ගේ රථ හා අසරුවනි” යි පැවසී ය. එලීෂා තවත් ඔහු දුටුවේ නැත. එවිට ඔහු තමාගේ හැඳිවත් අල්ලා දෙකඩ කළේ ය.
2 රාජාවලිය 2:12 ගවේෂණය කරන්න
6
2 රාජාවලිය 2:8
එලියා තම සළුව ගෙන, රවුමට අකුළා ජලයට එයින් ගැසී ය. ගං ජලය දකුණු පසටත්, වම් පසටත් බෙදී ගියේ ය. ඔවුන් දෙදෙනා දිය සිඳුණු වියළි බිමේ එතෙර වූහ.
2 රාජාවලිය 2:8 ගවේෂණය කරන්න
7
2 රාජාවලිය 2:1
ස්වාමින්වහන්සේ එලියා සුළි සුළඟකින් ස්වර්ගයට ඔසවා ගන්නට සූදානම් වූ අවස්ථාවේ එලියා හා එලීෂා ගිල්ගාල් සිට ගමන් කරමින් සිටියහ.
2 රාජාවලිය 2:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ