එබැවින්,
“ඔවුන් අතරින් පිටතට ඇවිත්,
ඔවුන් වෙතින් වෙන් ව සිටින්නැ” යි,
ස්වාමින්වහන්සේ කියන සේක.
“කිසි අපවිත්ර දෙයක් ස්පර්ශ නො කරන්න.
එවිට මම ඔබ පිළිගන්නෙමි.”
තවද,
“මම ඔබට පියෙක් වන්නෙමි,
ඔබ මගේ පුතුන් හා දූවරුන් වනු ඇතැ” යි,
සියලු බලැති ස්වාමින්වහන්සේ පවසන සේක.