සාවුල්ගේ පිට කබා කොනක් කපා ගැනීම ගැන දාවිත්ගේ සිත පසුව ඔහුට දොස් පැවරී ය. එබැවින් තම මිනිසුන් ඇමතූ දාවිත්, “ස්වාමින්වහන්සේගේ අභිෂේක ලද්දා වන මගේ ස්වාමියාට එරෙහිව අත එසවීම වැනි දෙයක් කිරීමෙන්, ස්වාමින්වහන්සේ මා වළකන සේක්වා! මන්ද ඔහු ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දා යැ” යි කීවේ ය.