1
1 පේතෘස් 5:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
උන්වහන්සේ ඔබ ගැන සැලකිලිමත් බැවින්, ඔබගේ හැම තැවුල් උන්වහන්සේ වෙත හෙළා ලන්න.
සසඳන්න
1 පේතෘස් 5:7 ගවේෂණය කරන්න
2
1 පේතෘස් 5:10
ස්වල්ප කලක් දුක් විඳි පසු, ක්රිස්තුස්වහන්සේ තුළ තමන්වහන්සේගේ සදාතනික තේජෝමහිමයට ඔබ කැඳවා ගත්, සකල අනුග්රහයේ දෙවියන්වහන්සේ, ඔබ ප්රකෘතිමත් කර, ශක්තිමත් කර, ස්ථාවර කර, ස්ථිර පදනමක ඔබ පිහිටු වන සේක.
1 පේතෘස් 5:10 ගවේෂණය කරන්න
3
1 පේතෘස් 5:8-9
සන්සුන් ව සිටින්න; විමසිල්ලෙන් සිටින්න. ඔබගේ සතුරා වූ යක්ෂයා කවරකු ගොදුරු කර ගනිම්දෝයි මාන බලමින්, ගොරවන සිංහයකු සේ ඔබ මොබ ගැවසෙයි. ලොව පුරා ඔබගේ සහෝදරයින් ද ඔබ මෙන් එක ම විදියේ දුක් පීඩා මැදින් ගමන් ගන්නා බව ඔබ දන්නා බැවින්, ඇදහිල්ලේ ස්ථාවර ව පිහිටා සිට, යක්ෂයාට එරෙහි වන්න.
1 පේතෘස් 5:8-9 ගවේෂණය කරන්න
4
1 පේතෘස් 5:6
එබැවින් නිසි කල්හි දෙවියන්වහන්සේ ඔබ උසස් කරන පිණිස, උන්වහන්සේගේ පරාක්රමවත් හස්තය යටතේ යටත් වන්න.
1 පේතෘස් 5:6 ගවේෂණය කරන්න
5
1 පේතෘස් 5:5
එසේ ම, තරුණ වූ ඔබ, වැඩිහිටියනට අවනත වන්න. ඔබ හැම කෙනෙක් ම එකිනෙකා වෙත යටහත්කමින් සැරසෙන්න. මන්ද, “දෙවියන්වහන්සේ උඩඟු වූවනට එරෙහි වන සේක්, යටහතුනට අනුග්රහය දෙන සේක.”
1 පේතෘස් 5:5 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ