1
1 කොරින්ති 1:27
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත්, ප්රඥාවතුන් ලජ්ජාවට පත් කරන පිණිස, දෙවියන්වහන්සේ තෝරා ගත්තේ ලෝකයේ අඥාන දෑ ය. බලවතුන් ලජ්ජාවට පත් කරන පිණිස, දෙවියන්වහන්සේ තෝරා ගත්තේ ලෝකයේ දුබල දෑ ය.
සසඳන්න
1 කොරින්ති 1:27 ගවේෂණය කරන්න
2
1 කොරින්ති 1:18
මන්ද, කුරුසියේ පණිවුඩය විනාශ වන්නන්ට අඥානකමකි. එහෙත් ගැලවීම ලබන්නා වූ අපට එය දෙවියන්වහන්සේගේ බලයයි.
1 කොරින්ති 1:18 ගවේෂණය කරන්න
3
1 කොරින්ති 1:25
මන්ද දෙවියන්වහන්සේගේ අඥානකම, මිනිස් ප්රඥාව ඉක්ම වූ ප්රඥාවකි; දෙවියන්වහන්සේගේ දුබලකම, මිනිස් ප්රබලකම් ඉක්ම වූ ප්රබලතාවකි.
1 කොරින්ති 1:25 ගවේෂණය කරන්න
4
1 කොරින්ති 1:9
ස්වකීය පුත්රයාණන් වූ යේසුස් ක්රිස්තුස් අප ස්වාමින්වහන්සේ සමඟ සහභාගිත්වය තුළට ඔබ කැඳවූ දෙවියන්වහන්සේ විශ්වසනීය ය.
1 කොරින්ති 1:9 ගවේෂණය කරන්න
5
1 කොරින්ති 1:10
සහෝදරයිනි, ඔබ හැම එකිනෙකා හා එකඟ ව, ඔබ අතරේ භේද නැතිව සිටින ලෙස හා එක සිතින් ද එක කල්පනාවෙන් ද එක්සත් ව සිටින ලෙස, යේසුස් ක්රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ නාමයෙන් උදක් ම ඔබෙන් ඉල්ලමි.
1 කොරින්ති 1:10 ගවේෂණය කරන්න
6
1 කොරින්ති 1:20
ප්රඥාවන්තයා කොහේ ද? දහම් පඬිවරයා කොහේ ද? මේ යුගයේ තර්කවාදියා කොහේ ද? දෙවියන්වහන්සේ, ලෝකයාගේ ප්රඥාව, අඥානකමට හැරවූවා නො වේ ද?
1 කොරින්ති 1:20 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ