1
එළිදරව්ව 20:15
Sinhala New Revised Version 2018
SNRV
යමෙකුගේ නම ජීවන පොතෙහි ලියැවී නැති බව සම්බ වී ද, ඔහු ගිනි විලට හෙළනු ලැබී ය.
සසඳන්න
එළිදරව්ව 20:15 ගවේෂණය කරන්න
2
එළිදරව්ව 20:12
මළා වූ, ලොකු කුඩා සියල්ලන් සිංහාසනය ඉදිරියෙහි සිටිනු දිටිමි. පොත් ද දිගහරිනු ලැබී ය. ජීවන පොත වන තවත් පොතක් ද දිග හරිනු ලැබී ය. පොතේ ලියා තිබෙන හැටියට ඒ මියගිය අය තමන්ගේ ක්රියා අනුව විනිශ්චය කරනු ලැබුවෝ ය.
එළිදරව්ව 20:12 ගවේෂණය කරන්න
3
එළිදරව්ව 20:13-14
මහමුහුද එහි වූ මළවුන් භාර දුන්නේ ය. මරණයත්, පාතාලයත්, එහි උන් මළවුන් භාර දුන්නේ ය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්රියා ලෙස විනිශ්චය කරනු ලැබූ හ. මරණයත්, පාතාලයත් ගිනි විලට හෙළන ලද්දේ ය. මේ ගිනි විල දෙ වන මරණය වේ.
එළිදරව්ව 20:13-14 ගවේෂණය කරන්න
4
එළිදරව්ව 20:11
තවද, විශාල ධවල සිංහාසනයක් ද, එහි වැඩහුන් තැනැන් වහන්සේ ද දිටිමි. උන් වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේ ය. ඒවායේ ලකුණක් වත් ඉතිරි නො වී ය.
එළිදරව්ව 20:11 ගවේෂණය කරන්න
5
එළිදරව්ව 20:7-8
අවුරුදු දහස කෙළවර වූ පසු, සාතන් තමාගේ සිරගෙයින් මුදනු ලැබ, පොළොවේ සතර දිශාවේ සිටින ගොග් සහ මාගොග් යන ජාතීන් මුළා කරනු පිණිස ද ඔවුන් යුද්ධයට රැස් කරනු පිණිස ද නික්ම එන්නේ ය. ඒ ජාතීන්ගේ ගණන මුහුදේ වැලි මෙන් ය.
එළිදරව්ව 20:7-8 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ