1
ගීතාවලිය 95:6-7
Sinhala New Revised Version 2018
SNRV
එන්න, හිස නමා එතුමාණෝ හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු. එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය. අපි එතුමාණන්ගේ සෙනඟ ය; එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය. එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත!
සසඳන්න
ගීතාවලිය 95:6-7 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 95:1-2
එන්න, සමිඳාණන් වහන්සේ හට ප්රීති ප්රමෝදයෙන් ගායනා කරමු; අප මිදූ පර්වතයාණන් හට පැසසුම් හඬ නගමු. තුති ගී ගයා එතුමාණෝ අබිමුවට ගමන් කරමු; එතුමාණෝ හට ජය මංගල ගී ගයමු.
ගීතාවලිය 95:1-2 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 95:3
මන්ද, සමිඳාණෝ, බලසම්පන්න දෙවිඳාණෝ වන සේක; උතුම් දේවාතිදෙවිඳාණෝ වන සේක.
ගීතාවලිය 95:3 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 95:4
මිහිතල ගැඹුරු තැන් එතුමාණෝ අතෙහි ය; කඳු ශිඛර එතුමාණන්ගේ ය.
ගීතාවලිය 95:4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ