1
ගීතාවලිය 112:7
Sinhala New Revised Version 2018
SNRV
ඔහු නරක ආරංචිවලට බිය නොවන්නේ ය. ඔහුගේ ඇදහිල්ල ස්ථිර ය. ඔහු සමිඳුන් විශ්වාස කරන්නේ ය.
සසඳන්න
ගීතාවලිය 112:7 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 112:1-2
සමිඳාණන් වහන්සේ පසසන්න, සමිඳුන් වෙත ගරුබිය ඇති ව සිටින්නා ද එතුමාණන්ගේ ආඥාවලට බොහෝ සේ ප්‍රිය වන්නා ද භාග්‍යවන්ත ය. ඔහුගේ පරපුර දේශයෙහි බලවත් වන්නේ ය. දැහැමි පරපුර ආසිරි ලබන්නේ ය.
ගීතාවලිය 112:1-2 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 112:8
ඔහුගේ සිත සවිමත් ය; ඔහු බිය නොවන්නේ ය. සිය සතුරන්ගේ පරාජය දක්නට ලැබෙන බව ඔහුට ඒකාන්ත ය.
ගීතාවලිය 112:8 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 112:4
සුදනාට අඳුරෙහි එළියක් උදා වන්නේ ය; ඔහු දයාවන්ත ය; සානුකම්පිත ය; දැහැමි ය.
ගීතාවලිය 112:4 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 112:5
දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ; ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය.
ගීතාවලිය 112:5 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 112:6
මන්ද, දැහැමියා කිසි කලෙකත් නොපැකිළෙන්නේ ය. ඔහු සදහට ම සිහිකරනු ලබන්නේ ය.
ගීතාවලිය 112:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ