1
ශුද්ධවර ලූක් 19:10
Sinhala New Revised Version 2018
SNRV
මනුෂ්‍ය-පුත්‍රයාණෝ නැති වූ දේ සොයන්නට ද ගළවාගන්නට ද වැඩම කළ සේකැ”යි වදාළ සේක.
සසඳන්න
ශුද්ධවර ලූක් 19:10 ගවේෂණය කරන්න
2
ශුද්ධවර ලූක් 19:38
“සමිඳුන් නමින් වඩිනා රජුට ආසිරි වේ වා! ස්වර්ගයෙහි සාමය ද අති උසස් තැන්හි මහිමය ද වේ වා!”යි කී හ.
ශුද්ධවර ලූක් 19:38 ගවේෂණය කරන්න
3
ශුද්ධවර ලූක් 19:9
ජේසුස් වහන්සේ කතා කරමින්, “ගැළවීම අද මේ ගෙදරට පැමිණ ඇත; මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි.
ශුද්ධවර ලූක් 19:9 ගවේෂණය කරන්න
4
ශුද්ධවර ලූක් 19:5-6
ජේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා, ඔහුට කතා කොට, “සාකෙවුස්, වහා ම බිමට බසින්න, අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්න ඕනෑ ය”යි ඔහුට වදාළ සේක. ඔහු වහා ම බැස, අවුත්, ප්‍රීතියෙන් උන් වහන්සේ පිළිගත්තේ ය.
ශුද්ධවර ලූක් 19:5-6 ගවේෂණය කරන්න
5
ශුද්ධවර ලූක් 19:8
සාකෙවුස් නැඟිට, “ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය.
ශුද්ධවර ලූක් 19:8 ගවේෂණය කරන්න
6
ශුද්ධවර ලූක් 19:39-40
එවිට සමූහයා අතරෙන් සමහර පරිසිවරු, “ගුරුදේවයෙනි, ඔබගේ ශ්‍රාවකයන්ට තරවටු කළ මැනවැ”යි උන් වහන්සේට කී හ. උන් වහන්සේ උත්තර දෙමින්, “ඔවුන් නිහඬ වූවොත්, ගල්, මොරගසනු ඇතැ යි මම ඔබට කියමි”යි වදාළ සේක.
ශුද්ධවර ලූක් 19:39-40 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ