1
ජෝවෙල් 2:12
Sinhala New Revised Version 2018
SNRV
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උපවාසයෙන් ද වැලපීමෙන් ද මුළු සිතින් දැන් වත් මා වෙත හැරී එන්න.
සසඳන්න
ජෝවෙල් 2:12 ගවේෂණය කරන්න
2
ජෝවෙල් 2:28
“ඉන්පසු, සකල මනුෂ්‍යයන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ප්රදානය කරමි. එවිට, නුඹලාගේ දූ පුත්තු දිවැස් වැකි කියති. මහල්ලෝ ස්වප්න දකිති; තරුණයෝ දර්ශන දකිති.
ජෝවෙල් 2:28 ගවේෂණය කරන්න
3
ජෝවෙල් 2:13
වත ඉරාගෙන නොව, සිත ඉරාගෙන, නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න. මන්ද, එතුමාණෝ, කරුණාභරිත, දයාන්විත, වහා නොකිපෙන, තිර පෙමින් සමන්විත, කමා වීමට කැමැති දෙවි කෙනෙකි.
ජෝවෙල් 2:13 ගවේෂණය කරන්න
4
ජෝවෙල් 2:32
එවිට, සමිඳුන්ගේ නාමය කියා අයැදින කවුරු නමුත් ගළවනු ලබන්නෝ ය. සමිඳුන් කියා ඇති පරිදි ගැළවෙන අය ද ඉතිරි අය අතර සමිඳුන් කැඳවන අය ද සියොන් කන්දේ සහ ජෙරුසලමේ සිටිනු ඇත.
ජෝවෙල් 2:32 ගවේෂණය කරන්න
5
ජෝවෙල් 2:31
උදාර, අතිභයානක දවස වන සමිඳුන්ගේ දවස, උදා වන්නට පෙර ඉර අඳුරු වන්නේ ය; හඳ ලේ පාට වන්නේ ය.
ජෝවෙල් 2:31 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ