1
ශුද්ධවර ජොහන් 6:35
Sinhala New Revised Version 2018
SNRV
ජේසුස් වහන්සේ කතා කොට, “ජීවනදායක ආහාරය මම ය, මා වෙත පැමිණෙන යමෙක් වේ ද, ඔහුට සාගිනි නොවන්නේ ය. මා අදහන යමෙක් වේ ද, ඔහුට කිසි කලෙකත් පිපාසය නොවන්නේ ය.
සසඳන්න
ශුද්ධවර ජොහන් 6:35 ගවේෂණය කරන්න
2
ශුද්ධවර ජොහන් 6:63
ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි.
ශුද්ධවර ජොහන් 6:63 ගවේෂණය කරන්න
3
ශුද්ධවර ජොහන් 6:27
නැති වී යන ආහාරය සඳහා නොව, සදාතන ජීවනයට ඉවහල් වන ආහාරය සඳහා වීර්ය වඩන්න. මේ ආහාරය ඔබට ප්රදානය කරන්නේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය. පියාණන් වන දෙවියන් වහන්සේ මුද්‍රාව තබා ඇත්තේ උන් වහන්සේ මත ය”යි වදාළ සේක.
ශුද්ධවර ජොහන් 6:27 ගවේෂණය කරන්න
4
ශුද්ධවර ජොහන් 6:40
පුත්‍රයාණන් වහන්සේ දැක උන් වහන්සේ අදහාගන්නා හැම කෙනෙකු ම සදාතන ජීවනය ලැබීම මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ය. මම ද අන්තිම දවසේ දී ඔවුන් උත්ථාන කරන්නෙමි”යි වදාළ සේක.
ශුද්ධවර ජොහන් 6:40 ගවේෂණය කරන්න
5
ශුද්ධවර ජොහන් 6:29
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වනුයේ, උන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ ඔබ විසින් අදහාගැනීම ය”යි වදාළ සේක.
ශුද්ධවර ජොහන් 6:29 ගවේෂණය කරන්න
6
ශුද්ධවර ජොහන් 6:37
පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝ ම මා වෙතට පැමිණෙති; මා වෙතට පැමිණෙන්නා මම කිසි සේත් ඉවත නොදමමි.
ශුද්ධවර ජොහන් 6:37 ගවේෂණය කරන්න
7
ශුද්ධවර ජොහන් 6:68
සීමොන් පේදුරු පිළිතුරු දෙමින්, “ස්වාමීනි, අප කවරෙකු වෙතට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය.
ශුද්ධවර ජොහන් 6:68 ගවේෂණය කරන්න
8
ශුද්ධවර ජොහන් 6:51
ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය”යි වදාළ සේක.
ශුද්ධවර ජොහන් 6:51 ගවේෂණය කරන්න
9
ශුද්ධවර ජොහන් 6:44
මා එවා වදාළ පියාණන් වහන්සේ තමන් වෙත ඇද ගන්නා අයෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැකි ය. මම අන්තිම දවසේ දී ඔහු උත්ථාන කරන්නෙමි.
ශුද්ධවර ජොහන් 6:44 ගවේෂණය කරන්න
10
ශුද්ධවර ජොහන් 6:33
මන්ද, දෙවියන් වහන්සේ දෙන ආහාරය වනාහි, ස්වර්ගයෙන් පහළ වී ලෝකයට ජීවනය දෙන ආහාර ය”යි වදාළ සේක.
ශුද්ධවර ජොහන් 6:33 ගවේෂණය කරන්න
11
ශුද්ධවර ජොහන් 6:48
ජීවනදායක ආහාරය මම ය.
ශුද්ධවර ජොහන් 6:48 ගවේෂණය කරන්න
12
ශුද්ධවර ජොහන් 6:11-12
එවිට ජේසුස් වහන්සේ රොටි ගෙන තුති පුදා, හිඳගෙන සිටි අයට බෙදා දුන් සේක. එලෙස ම මසුන්ගෙන් ද දුන් සේක. සියල්ලන්ට කැමැති තරම් කෑම ලැබුණේ ය. ඔවුන් කා තෘප්තියට පැමිණි පසු, උන් වහන්සේ සිය ශ්‍රාවකයන් අමතා, “කිසිවක් නාස්ති නොවන ලෙස කැබලි එකතු කර ගන්නැ”යි වදාළ සේක.
ශුද්ධවර ජොහන් 6:11-12 ගවේෂණය කරන්න
13
ශුද්ධවර ජොහන් 6:19-20
ඔව්හු කිලෝමීටර් පහක් පමණ ඔරුව පැදගෙන ගිය කල, ජේසුස් වහන්සේ මුහුද මත ඇවිදිමින් ඔරුව ළඟට වඩින බව දැක බියපත් වූ හ. එහෙත්, උන් වහන්සේ ඔවුන් අමතා, “මේ මම ය, බිය නො වන්නැ”යි වදාළ සේක.
ශුද්ධවර ජොහන් 6:19-20 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ