1
ජෙරමියා 11:3-4
Sinhala New Revised Version 2018
SNRV
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ සාප කර ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. මා ඔවුන්ගේ පියවරුන්, යකඩ ගිනි උදුනක් වැනි මිසර දේශයෙන් පිටත ගෙනා කල, ඔවුන් සමඟ කළ ගිවිසුම මෙය වේ. ‘මාගේ වචනයට කීකරු වී මා අණ කරන සියල්ල ඉටු කරන්න; එවිට නුඹලා මාගේ සෙනඟ වන්නහු ය. මම නුඹලාගේ දෙවියන් වහන්සේ ද වන්නෙමි’යි මම ඔවුන්ට කීවෙමි.
සසඳන්න
ජෙරමියා 11:3-4 ගවේෂණය කරන්න
2
ජෙරමියා 11:20
ජෙරමියා යාච්ඤා කරමින්, “යුක්ති සහගත ලෙස විනිශ්චය කරන, හෘදයත්, සිතත් විමසන සියලු බලැති සමිඳුනි, මාගේ නඩුව මා ඔබ ඉදිරියේ තබා ඇති බැවින් ඔවුන්ගෙන් ඔබ පළි ගනු දැකීමට මට ඉඩ ලැබේ වා!”යි කී ය.
ජෙරමියා 11:20 ගවේෂණය කරන්න
3
ජෙරමියා 11:8
එහෙත්, ඔවුන් කීකරු වුණේ වත්, සවන් දුන්නේ වත් නැත. ඒ වෙනුවට ඔව්හු තමන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට හැසුරුණෝ ය. ‘මාගේ ගිවිසුමට කීකරු වන්නැ’යි මා ඔවුන්ට අණ කළ නමුත්, ඔවුන් ඊට කීකරු වුණේ නැත. ඒ නිසා ගිවිසුමේ විස්තර කොට ඇති දඬුවම් මම ඔවුන් පිට පැමිණෙව්වෙමි.”
ජෙරමියා 11:8 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ