1
වීරාවලිය 7:2
Sinhala New Revised Version 2018
SNRV
එවිට සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “මිදියන්වරුන් නුඹ අතට පාවා දීමට නුඹ සමඟ සිටින සෙනඟගේ ගණන වැඩි ය, මා එසේ කළොත්, ‘අපේ ශක්තියෙන් ම අපි ගැළවුණෙමු’යි ඉශ්රායෙල් සෙනඟ මට ගෞරවය නොදී අහංකාර වනු ඇත.
සසඳන්න
වීරාවලිය 7:2 ගවේෂණය කරන්න
2
වීරාවලිය 7:7
සමිඳාණන් වහන්සේ ද, “ලෙවකා වතුර බීවාවූ මිනිස්සු තුන්සියය ලවා නුඹලා ගළවා මිදියන්වරුන් නුඹේ අතට පාවා දෙන්නෙමි. සෙසු සියල්ලෝ තම තමන්ගේ නිවෙස්වලට යත් වා”යි ගිඩියොන්ට වදාළ සේක.
වීරාවලිය 7:7 ගවේෂණය කරන්න
3
වීරාවලිය 7:3
එබැවින්, ‘භය ද තැතිගැනීම ද ඇති අය ගිලියද් කන්දේ සිට හැරී යත් වා’යි ප්රසිද්ධියේ ප්රකාශ කරන්නැ”යි වදාළ සේක. එවිට සෙනඟගෙන් විසිදෙදහසක් හැරී ගියෝ ය. දසදහසක් ඉතිරි ව සිටියෝ ය.
වීරාවලිය 7:3 ගවේෂණය කරන්න
4
වීරාවලිය 7:4
සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “සෙනඟගේ ගණන තවමත් වැඩි ය. ඔවුන් වතුර සමීපයට ගෙන එන්න, එහි දී මම ඔවුන් වෙන් කොට ඔබට තෝරා දෙන්නෙමි. ‘මොහු නුඹ සමඟ යා යුතු ය’යි මම යමෙකු ගැන නුඹට කියන්නෙම් ද ඔහු යන්නේ ය. ‘මොහු නුඹ සමඟ නොයා යුතු ය’යි මම යමෙකු ගැන නුඹට කියන්නෙම් ද ඔහු නොයන්නේ යැ”යි වදාළ සේක.
වීරාවලිය 7:4 ගවේෂණය කරන්න
5
වීරාවලිය 7:5-6
ගිඩියොන් සෙනඟ වතුර ළඟට ගෙනාවේ ය. සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “බල්ලෙකු ලෙවකා බොන ලෙස තමන්ගේ දිවෙන් ලෙවකා වතුර බොන හැම දෙන ද වතුර බොන්නට දණ ගසන හැම දෙන ද වෙන වෙන ම සිටුවන්නැ”යි වදාළ සේක. තමන්ගේ අතට වතුර ගෙන ලෙවකා බිව් අය තුන්සියයක් වූ හ; සෙසු සියල්ලෝ වතුර බොන පිණිස දණ ගැසුවෝ ය.
වීරාවලිය 7:5-6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ