1
ජාකොබ් 4:7
Sinhala New Revised Version 2018
SNRV
ඒ නිසා දෙවියන් වහන්සේට යටහත් ව සිටින්න; යක්ෂයාට විරුද්ධ ව සිටින්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත.
සසඳන්න
ජාකොබ් 4:7 ගවේෂණය කරන්න
2
ජාකොබ් 4:8
දෙවියන් වහන්සේට ළං වන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ළං වන සේක. පව්කාරයෙනි, ඔබගේ අත් පවිත්ර කරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබගේ සිත් පිරිසිදු කරගන්න.
ජාකොබ් 4:8 ගවේෂණය කරන්න
3
ජාකොබ් 4:10
සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් පහත් වන්න. එවිට උන් වහන්සේ ඔබ උසස් කරන සේක.
ජාකොබ් 4:10 ගවේෂණය කරන්න
4
ජාකොබ් 4:6
එහෙත් උන් වහන්සේගෙන් එන වරප්රසාදය එයටත් වඩා බලවත් ය. එබැවින්: “දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධ වී, යටහත් පහත් අයට කරුණාව දෙන සේකැ”යි ශුද්ධ ලියවිල්ල පවසයි.
ජාකොබ් 4:6 ගවේෂණය කරන්න
5
ජාකොබ් 4:17
එබැවින් යමෙක් කළ යුතු යහපත දැන දැනත් එය නොකරන්නේ නම්, ඔහු පව්කාරයෙකි.
ජාකොබ් 4:17 ගවේෂණය කරන්න
6
ජාකොබ් 4:3
ඔබ ඉල්ලුවත්, වැරදි ලෙස ද ආත්මාර්ථකාමි තෘප්තිය සඳහා ද ඉල්ලන බැවින් එය නොලැබෙන්නේ ය.
ජාකොබ් 4:3 ගවේෂණය කරන්න
7
ජාකොබ් 4:4
අවිශ්වාසී ජනයෙනි, ලෝකය සමඟ මිතුරුකම, දෙවිඳුන් සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද් ද? එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේ ය.
ජාකොබ් 4:4 ගවේෂණය කරන්න
8
ජාකොබ් 4:14
හෙට කුමක් වේ දැ යි ඔබ නොදන්නහු ය. ඔබගේ ජීවිතය කුමක් ද? ඔබ මඳ වේලාවක් පෙනී, පසු ව නොපෙනී යන මීදුමක් වැන්න.
ජාකොබ් 4:14 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ