1
එසකියෙල් 4:4-5
Sinhala New Revised Version 2018
SNRV
“දැන් නුඹ වම් අතට හැරී දිගා වන්න. ඉශ්රායෙල් ජාතියේ වරද මම නුඹ පිට තබන්නෙමි. නුඹ යම් තාක් කල් දිගා වී සිටින්නෙහි ද ඒ තාක් කල් නුඹ ඔවුන්ගේ වරදේ විපාකය විඳින්නෙහි ය. මම නුඹට දවස් ගණනක් නියම කරන්නෙමි. එනම්, දවස් තුන්සිය අනූවකි. එක එක දවස ඉශ්රායෙල් ජාතියේ එක එක අවුරුද්ද වශයෙන් ගණන් ගනු ලැබේ.
සසඳන්න
එසකියෙල් 4:4-5 ගවේෂණය කරන්න
2
එසකියෙල් 4:6
නුඹ මෙසේ කළ පසු නුඹ යළිත් දිගා වන්නෙහි ය. එහෙත්, දැන් දකුණු අතට ය. මෙසේ නුඹ ඉශ්රායෙල් ජාතියේ වරද දරා ගන්නෙහි ය. මම නුඹට දවස් සතළිසක් නියම කරන්නෙමි; එක එක දවස එක එක අවුරුද්ද වශයෙන් ගණන්ගනු ලැබේ.
එසකියෙල් 4:6 ගවේෂණය කරන්න
3
එසකියෙල් 4:9
“තවද, නුඹ තිරිඟු, යව, මෑ, කොල්ලු, කුරක්කන් හා තණහාල් රැගෙන, ඒවා භාජනයක තබා එයින් රොටි සාදාගන්න. නුඹ එක පසෙකට දිගා වී සිටින දවස් ගණන වන දවස් තුන්සිය අනූව තුළ ඒවා අනුභව කරන්න.
එසකියෙල් 4:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ