1
2 තිමෝති 1:7
Sinhala New Revised Version 2018
SNRV
දෙවියන් වහන්සේ අපට දුන්නේ, බයාදු ගතිය නොව, බලසම්පන්න, ප්‍රේමාන්විත, හික්මුණු ආත්මානුභාවය ය.
සසඳන්න
2 තිමෝති 1:7 ගවේෂණය කරන්න
2
2 තිමෝති 1:9
උන් වහන්සේ අප ගළවා, කැපවූ ජීවිතයකට අප කැඳවූ සේක. එසේ කළේ අපේ ම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව, උන් වහන්සේගේ ම අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුව ය. මෙය, කාලයාගේ පටන්ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙනලද්දකි.
2 තිමෝති 1:9 ගවේෂණය කරන්න
3
2 තිමෝති 1:6
ඒ නිසා මාගේ හස්තාලේපනය හේතුකොටගෙන ඔබ කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව ගිනි දැල්ලක් සේ දල්වාගන්නා ලෙස ඔබට සිහි කරවමි.
2 තිමෝති 1:6 ගවේෂණය කරන්න
4
2 තිමෝති 1:8
එහෙයින් අපේ සමිඳාණන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත්, උන් වහන්සේගේ සිරකරුවා වන මා ගැනත්, ලජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා, සුබ අස්න වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න.
2 තිමෝති 1:8 ගවේෂණය කරන්න
5
2 තිමෝති 1:12
මා දුක් විඳින්නේ ඒ නිසා ම ය. එහෙත් මම ලජ්ජා නොවෙමි. මන්ද, මා අදහන්නේ කවරෙකු ද කියා මම දනිමි. මට භාර දී තිබෙන දෙය, ඒ මහා දවස දක්වා ආරක්ෂා කිරීමට උන් වහන්සේට හැකි බව මම සැක නොකරමි.
2 තිමෝති 1:12 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ