1
2 රාජාවලිය 6:17
Sinhala New Revised Version 2018
SNRV
එවිට එලිෂා යාච්ඤා කොට, “සමිඳාණන් වහන්ස, ඔහුට පෙනෙන පිණිස ඔහුගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ සේවකයාගේ ඇස් පැහැදූ සේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන් ද ගිනි රථවලින් ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේ ය.
සසඳන්න
2 රාජාවලිය 6:17 ගවේෂණය කරන්න
2
2 රාජාවලිය 6:16
ඔහු ද කතා කොට, “බිය නොවන්න. මන්ද, ඔවුන් සමඟ සිටින අයට වඩා අප සමඟ සිටින අය බොහෝ ය”යි කීවේ ය.
2 රාජාවලිය 6:16 ගවේෂණය කරන්න
3
2 රාජාවලිය 6:15
එලිෂාගේ සේවකයා අලුයම නැඟිට පිටතට ගිය කල හමුදාවක්, අශ්වයන් හා රථ ඇති ව නුවර වටේට සිටිනු දුටුවේ ය. එවිට ඔහු, “අහෝ! ස්වාමීනි, අපි කුමක් කරමු දැ”යි ඔහුගෙන් ඇසී ය.
2 රාජාවලිය 6:15 ගවේෂණය කරන්න
4
2 රාජාවලිය 6:18
ඔවුන් එලිෂා ළඟට ගිය කල ඔහු, “මේ සෙනඟ අන්ධ කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ එලිෂාගේ ඉල්ලීම ලෙස ඔවුන් අන්ධ කළ සේක.
2 රාජාවලිය 6:18 ගවේෂණය කරන්න
5
2 රාජාවලිය 6:6
එවිට දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට, “එය වැටුණේ කොහේ දැ”යි ඇසී ය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමී ය. එවිට යකඩය පා විය.
2 රාජාවලිය 6:6 ගවේෂණය කරන්න
6
2 රාජාවලිය 6:5
එක් කෙනෙකු ලීයක් කපද්දී පොරෝ තලය වතුරේ වැටිණි. ඔහු, “අනේ මාගේ ස්වාමීනි, ඒක ඉල්ලාගත් එකකැ”යි කෑගසා කී ය.
2 රාජාවලිය 6:5 ගවේෂණය කරන්න
7
2 රාජාවලිය 6:7
ඔහු ද කතා කොට, “ඒක ගන්නැ”යි කී විට ඔහු අත දිගු කර එය ගත්තේ ය.
2 රාජාවලිය 6:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ