1
2 රාජාවලිය 4:2
Sinhala New Revised Version 2018
SNRV
එලිෂා කතා කොට, “මම ඔබට කුමක් කරම් ද? ගෙදර ඔබට තිබෙන්නේ මොනවා දැ යි මට කියන්නැ”යි ඈට කී ය. “තෙල් භාජනයක් මිස ගෙදර වෙන කිසිවක් ඔබේ දාසියට නැතැ”යි ඈ කීවා ය.
සසඳන්න
2 රාජාවලිය 4:2 ගවේෂණය කරන්න
2
2 රාජාවලිය 4:1
දිවැසිවර කණ්ඩායමේ අයගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියක් එලිෂාට මොරගසා, “ඔබේ මෙහෙකරු වූ මාගේ පුරුෂයා මළේ ය. ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි බව දන්නෙහි ය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්න අවුත් සිටී ය”යි කීවා ය.
2 රාජාවලිය 4:1 ගවේෂණය කරන්න
3
2 රාජාවලිය 4:3
එවිට ඔහු කතා කොට, “ඔබ පිටතට ගොස් ඔබේ සියලු අසල්වැසියන්ගෙන් භාජන එනම්, හිස් භාජන බොහොමයක් ඉල්ලාගන්න.
2 රාජාවලිය 4:3 ගවේෂණය කරන්න
4
2 රාජාවලිය 4:4
ඔබත්, ඔබේ පුත්‍රයනුත් ගෙදරට ඇතුළු වී දොර වසාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත් කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැ”යි කීවේ ය.
2 රාජාවලිය 4:4 ගවේෂණය කරන්න
5
2 රාජාවලිය 4:6
භාජන පිරුණු කල ඈ, “තවත් භාජනයක් මට ගෙනෙන්නැ”යි ඇගේ පුත්‍රයාට කීවා ය. “තවත් භාජනයක් නැතැ”යි ඔහු ඈට කී ය.
2 රාජාවලිය 4:6 ගවේෂණය කරන්න
6
2 රාජාවලිය 4:7
තෙල් ගලා යෑම ද නැවතිණි. එවිට ඈ අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට එපවත් දැන්වූවා ය. ඔහු ද, “ඔබ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් ඔබත්, ඔබේ පුත්‍රයනුත් රක්ෂා වන්නැ”යි කීවේ ය.
2 රාජාවලිය 4:7 ගවේෂණය කරන්න
7
2 රාජාවලිය 4:5
ඈ ද ඔහු වෙතින් ගොස්, ඈත්, ඇගේ පුත්‍රයෝත් ගෙදරට ඇතුළු වී දොර වසාගත්හ. ඔව්හු ඈ ළඟට භාජන ගෙනාවෝ ය. ඈ තෙල් වත් කළා ය.
2 රාජාවලිය 4:5 ගවේෂණය කරන්න
8
2 රාජාවලිය 4:34
තවද, ඔහු ඇඳට නැඟී, ළමයා පිට වැතිර, තමාගේ කට ඔහුගේ කට පිට ද තමාගේ ඇස් ඔහුගේ ඇස් පිට ද තමාගේ අත් ඔහුගේ අත් පිට ද තබා ළමයා පිට දිගා විණි. ළමයාගේ මාංසය ද උණුසුම් විය.
2 රාජාවලිය 4:34 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ