1
1 තෙසලෝනික 4:17
Sinhala New Revised Version 2018
SNRV
එවිට ජීවතුන් අතර සිටින අපි, ඔවුන් සමඟ සමිඳාණන් වහන්සේ හමු වන පිණිස, වලාකුළුවලින් අහසට ඔසවාගනු ලබන්නෙමු. මෙසේ අපි නිතර ම සමිඳාණන් වහන්සේ සමඟ සිටින්නෙමු.
සසඳන්න
1 තෙසලෝනික 4:17 ගවේෂණය කරන්න
2
1 තෙසලෝනික 4:16
මන්ද, සමිඳාණන් වහන්සේ ම අණ දීමේ ශබ්දය ද, අග්ර දේව දූතයෙකුගේ හඬ ද, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ද ඇතිව ස්වර්ගයෙන් බැස වදාරන සේක. ක්රිස්තුන් වහන්සේ අදහමින් උන් වහන්සේ තුළ සැතපුණු අය පළමුකොට නැඟිටින්නෝ ය.
1 තෙසලෝනික 4:16 ගවේෂණය කරන්න
3
1 තෙසලෝනික 4:3-4
දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ඔබ ශුද්ධ ව සිටීම ය; ඔබ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිය යුතු ය. ඔබ එකිනෙකා තම තමාගේ ශරීරය දමනය කරගෙන එය ශුද්ධ ව ද, ගෞරවයෙන් යුක්ත ව ද, තබාගැනීමට දැනගත යුතු ය.
1 තෙසලෝනික 4:3-4 ගවේෂණය කරන්න
4
1 තෙසලෝනික 4:14
ජේසුස් වහන්සේ නැසී නැවත උත්ථාන වූ සේකැ යි අපි අදහමු: එසේ ම, ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් උන් වහන්සේ තුළ සැතපුණු අය, උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ නැවත ගෙනෙන සේකැ යි ද අදහමු.
1 තෙසලෝනික 4:14 ගවේෂණය කරන්න
5
1 තෙසලෝනික 4:11
ඔබට අප කලින් අවවාද කළ පරිදි, උපශාන්ත ජීවිතයක් ගත කිරීමටත්, තම තමාගේ කාරණා බලාගැනීමටත්, දහඩිය මහන්සියෙන් ජීවිකාව කර ගැනීමටත් අරමුණු කරගන්න.
1 තෙසලෝනික 4:11 ගවේෂණය කරන්න
6
1 තෙසලෝනික 4:7
දෙවියන් වහන්සේ අප කැඳෙව්වේ අපවිත්රකමට නොව, පවිත්රකමට ය.
1 තෙසලෝනික 4:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ