1
1 සාමුවෙල් 1:11
Sinhala New Revised Version 2018
SNRV
ඈ බාරයක් වෙමින්, “සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකාරී වන මාගේ දුක දෙස හොඳින් බලා, මා සිහි කර, මා අමතක නොකර, මට පිරිමි දරුවෙකු දෙන සේක් නම්, මම ඔහුගේ මුළු ජීවිත කාලය ම ඔබට කැප කරන්නෙමි; ඔහුගේ හිසට කවදාවත් දැළි පිහියක් නොතබන්නෙමි”යි කීවා ය.
සසඳන්න
1 සාමුවෙල් 1:11 ගවේෂණය කරන්න
2
1 සාමුවෙල් 1:10
හන්නාගේ සිත ශෝකයෙන් පිරී තිබිණි. ඈ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් අඬ අඬා සිටියා ය.
1 සාමුවෙල් 1:10 ගවේෂණය කරන්න
3
1 සාමුවෙල් 1:15
හන්නා උත්තර දෙමින්, “මාගේ ස්වාමීනි, එසේ නොවේ; මුද්‍රික පානය වත් සැර බීමක් වත් මම නොබීවෙමි. මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්මි. සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් මාගේ දුක් ගැනවිලි උන් වහන්සේ ඉදිරියෙහි වැගිර වූයෙමි.
1 සාමුවෙල් 1:15 ගවේෂණය කරන්න
4
1 සාමුවෙල් 1:27
මේ දරුවා දෙන ලෙස මම යාච්ඤා කෙළෙමි. සමිඳාණන් වහන්සේ ද මා උන් වහන්සේගෙන් ඉල්ලූ මේ ඉල්ලීම මට ඉටු කළ සේක.
1 සාමුවෙල් 1:27 ගවේෂණය කරන්න
5
1 සාමුවෙල් 1:17
එවිට ඒලී පිළිතුරු දෙමින්, “ශාන්ති සිතින් යන්න; ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගෙන් ඔබ කළ ඉල්ලීම උන් වහන්සේ ඔබට ඉෂ්ට කර දෙන සේක්වා”යි කීවේ ය.
1 සාමුවෙල් 1:17 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ