1
1 රාජාවලිය 22:22
Sinhala New Revised Version 2018
SNRV
සමිඳාණන් වහන්සේ, ‘කුමකින් දැ’යි ඔහුගෙන් ඇසූ විට, ඔහු, ‘මම ගොස් ඔහුගේ සියලු දිවැසිවරයන්ගේ මුඛවල මුසා දොඩන ආත්මයක් වන්නෙමි’යි කී ය. උන් වහන්සේ ද, ‘නුඹ ඔහු පොළඹවා ජයගනු ඇත. ගොස් එසේ කරන්නැ’යි වදාළ සේක.
සසඳන්න
1 රාජාවලිය 22:22 ගවේෂණය කරන්න
2
1 රාජාවලිය 22:23
“එබැවින් සමිඳාණන් වහන්සේ ඔබේ මේ සියලු දිවැසිවරයන්ගේ මුඛවල මුසා දොඩන ආත්මයක් තැබූ සැටි බලන්න. තවද, සමිඳාණන් වහන්සේ ඔබට නපුරක් වන බව වදාළ සේකැ”යි පැවසී ය.
1 රාජාවලිය 22:23 ගවේෂණය කරන්න
3
1 රාජාවලිය 22:21
එකල ආත්මයක් නික්ම විත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිට, ‘මම ඔහු පොළඹවන්නෙමි’යි කීවේ ය.
1 රාජාවලිය 22:21 ගවේෂණය කරන්න
4
1 රාජාවලිය 22:20
සමිඳාණන් වහන්සේ කතා කොට, ‘ආහබ්, රාමොත්-ගිලියද්ට ගොස් එහි දී මරණයට පත් වන පිණිස එහි යෑමට ඔහු පොළඹවන්නේ කවරෙක් දැ’යි ඇසූ සේක. එක් කෙනෙක් මේ ආකාරයට ද තව කෙනෙක් ඒ ආකාරයට ද උත්තර දුන්නෝ ය.
1 රාජාවලිය 22:20 ගවේෂණය කරන්න
5
1 රාජාවලිය 22:7
එහෙත්, ජෙහෝෂාපාට්, “අප විසින් විචාරනු ලබන පිණිස සමිඳාණන් වහන්සේගේ තව දිවැසිවරයෙක් මෙහි නැද්දැ”යි ඇසී ය.
1 රාජාවලිය 22:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ