1
1 රාජාවලිය 17:14
Sinhala New Revised Version 2018
SNRV
මන්ද, දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘සමිඳාණන් මිහි පිට වැස්ස එවන දවස දක්වා පිටි බඳුන ඉවර වන්නේ නැත; තෙල් කුලාව අඩු වන්නේ නැතැ’ ”යි කීවේ ය.
සසඳන්න
1 රාජාවලිය 17:14 ගවේෂණය කරන්න
2
1 රාජාවලිය 17:1
ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.
1 රාජාවලිය 17:1 ගවේෂණය කරන්න
3
1 රාජාවලිය 17:13
එලියා ඈට කතා කොට, “බිය නොවන්න, ගොස් ඔබ කී හැටියට කරන්න. එහෙත්, පළමුකොට එයින් මට කුඩා රොටියක් සාදා මා ළඟට ගෙනෙන්න; පසු ව ඔබටත්, ඔබේ පුත්‍රයාටත් සාදාගන්න.
1 රාජාවලිය 17:13 ගවේෂණය කරන්න
4
1 රාජාවලිය 17:12
එවිට ඈ කතා කොට, “බඳුනක පිටි මිටකුත්, කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටි නැත. ඒවා සාදාගන්නට දර කෑලි දෙකක් අහුලමි. මටත්, මාගේ පුත්‍රයාටත් තිබෙන ඒ අන්තිම කෑම වේල අනුභව කළ පසු නහින්නෙමු යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවා ය.
1 රාජාවලිය 17:12 ගවේෂණය කරන්න
5
1 රාජාවලිය 17:9
“නුඹ පිටත් වී සීදොන් අසල පිහිටි ශාරෙපත් නම් නගරයට ගොස් එහි වාසය කරන්න. නුඹට ආහාර දීමට එහි සිටින වැන්දඹු ස්ත්‍රියකට අණ කෙළෙමි”යි කීවේ ය.
1 රාජාවලිය 17:9 ගවේෂණය කරන්න
6
1 රාජාවලිය 17:16
සමිඳාණන් වහන්සේ එලියා ලවා දෙන ලද උන් වහන්සේගේ පණිවුඩය ප්‍රකාර පිටි බඳුන හිස් නො වී ය; තෙල් කුලාව අඩු නො වී ය.
1 රාජාවලිය 17:16 ගවේෂණය කරන්න
7
1 රාජාවලිය 17:15
ඈ ගොස් එලියා කී හැටියට කළා ය. එසේ ඈ ද ඔහු ද ඇගේ ගෙයි වැසියෝ ද බොහෝ දවස් ඒවා අනුභව කළෝ ය.
1 රාජාවලිය 17:15 ගවේෂණය කරන්න
8
1 රාජාවලිය 17:10
එහෙයින් ඔහු පිටත් ව ශාරෙපත් නගරයට ගොස් වාසල් දොරටුවට පැමිණි කල, වැන්දඹු ස්ත්‍රියක එහි දර අහුලනු දැක, ඈට අඬගසා, “කරුණාකර, මට බොන්න භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැ”යි කීවේ ය.
1 රාජාවලිය 17:10 ගවේෂණය කරන්න
9
1 රාජාවලිය 17:4
ඒ ඔයෙන් නුඹට බොන්න පුළුවන. එහි දී නුඹට කෑම දෙන්නට කපුටුවන්ට මම අණ කෙළෙමි”යි කීවේ ය.
1 රාජාවලිය 17:4 ගවේෂණය කරන්න
10
1 රාජාවලිය 17:11
ඇය එය ගෙනෙන්නට යන අතර ඔහු ඈට අඬගසා, “කරුණාකර, ඔබේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනන්නැ”යි කීවේ ය.
1 රාජාවලිය 17:11 ගවේෂණය කරන්න
11
1 රාජාවලිය 17:6
කපුටුවෝ උදය කාලයේ රොටි සහ මස් ද සවස් කාලයේ රොටි සහ මස් ද ගෙනාවෝ ය.
1 රාජාවලිය 17:6 ගවේෂණය කරන්න
12
1 රාජාවලිය 17:7
ඔහු ද ඔයෙන් වතුර බීවේ ය. එහෙත්, දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය සිඳී ගියේ ය.
1 රාජාවලිය 17:7 ගවේෂණය කරන්න
13
1 රාජාවලිය 17:24
ස්ත්‍රිය ද කතා කරමින්, “ඔබ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු බව ද, ඔබේ මුඛයෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ පණිවුඩය සැබෑ බව ද දනිමි”යි එලියාට කීවා ය.
1 රාජාවලිය 17:24 ගවේෂණය කරන්න
14
1 රාජාවලිය 17:5
ඔහු ගොස් සමිඳාණන් වහන්සේ වදාළ ලෙස කෙළේ ය. ඔහු ජොර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් ඔය ළඟ වාසය කෙළේ ය.
1 රාජාවලිය 17:5 ගවේෂණය කරන්න
15
1 රාජාවලිය 17:22
සමිඳාණන් වහන්සේ එලියාගේ හඬට සවන් දුන් සේක. ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණ ඔහු ජීවත් වුණේ ය.
1 රාජාවලිය 17:22 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ