1
1 ජොහන් 3:18
Sinhala New Revised Version 2018
SNRV
මාගේ ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනයෙන් වත්, කතාවෙන් වත් නොව, ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේමයක් විය යුතු ය.
සසඳන්න
1 ජොහන් 3:18 ගවේෂණය කරන්න
2
1 ජොහන් 3:16
ප්‍රේමය යනු කිමෙක් දැ යි අප දන්නේ, ක්‍රිස්තුන් වහන්සේ සිය ජීවිතය අප උදෙසා පරිත්‍යාග කළ බැවිනි. අප ද, සහෝදරයන් උදෙසා අපේ ජීවිත පරිත්‍යාග කළ යුතු ය.
1 ජොහන් 3:16 ගවේෂණය කරන්න
3
1 ජොහන් 3:1
බලන්න, පියාණන් වහන්සේ අපට කෙතරම් ප්‍රේම කර ඇද් ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන් වහන්සේ අපට ප්‍රේම කළ සේක. ඇත්තෙන් ම අපි උන් වහන්සේගේ දරුවෝ ම ය. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින්, ඔව්හු අප ද නොහඳුනති.
1 ජොහන් 3:1 ගවේෂණය කරන්න
4
1 ජොහන් 3:8
පව් කරන තැනැත්තා යක්ෂයාට අයිති ය. මන්ද, පටන්ගැන්මේ සිට ම යක්ෂයා පව් කර ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ප්‍රකාශ වූයේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම පිණිස ය.
1 ජොහන් 3:8 ගවේෂණය කරන්න
5
1 ජොහන් 3:9
දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙක් පව් නොකරති. මන්ද, උන් වහන්සේගේ ජීවය ඔහු තුළ පවතියි. ඔහු දෙවියන් වහන්සේගෙන් උපත ලැබ සිටින බැවින් ඔහුට පව් කළ නොහැකි ය.
1 ජොහන් 3:9 ගවේෂණය කරන්න
6
1 ජොහන් 3:17
ලෞකික සම්පත් ඇති කෙනෙක්, තම සහෝදරයාගේ අගහිඟකම දැක දැකත්, ඔහුට අනුකම්පා නොකරත් නම්, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද?
1 ජොහන් 3:17 ගවේෂණය කරන්න
7
1 ජොහන් 3:24
උන් වහන්සේගේ ආඥා පිළිපදින්නා, උන් වහන්සේ තුළ වෙසෙයි; උන් වහන්සේ ද ඔහු තුළ වැඩවසන සේක. උන් වහන්සේ අප තුළ වැඩවසන බව අප දන්නේ උන් වහන්සේ අපට දුන් ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ය.
1 ජොහන් 3:24 ගවේෂණය කරන්න
8
1 ජොහන් 3:10
දෙවියන් වහන්සේගේ දරුවන් ද යක්ෂයාගේ දරුවන් ද හඳුනාගත හැක්කේ මෙසේ ය: යුතු දේ නොකරන, තම සහෝදරයාට ප්‍රේම නොකරන, කිසිවෙක් දෙවියන් වහන්සේගේ දරුවෝ නොවෙති.
1 ජොහන් 3:10 ගවේෂණය කරන්න
9
1 ජොහන් 3:11
පටන්ගැන්මේ සිට ඔබ ඇසූ පණිවුඩය නම්, අප එකිනෙකාට ප්‍රේම කළ යුතු ය යනු යි.
1 ජොහන් 3:11 ගවේෂණය කරන්න
10
1 ජොහන් 3:13
සහෝදරයෙනි, ලෝකයා ඔබට වෛර කරන්නේ නම් පුදුම නොවන්න.
1 ජොහන් 3:13 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ