1
රෝම 6:23
Sinhala New Revised Version
NRSV
පාපයේ විපාකය මරණය යි, එහෙත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමීන් වන ක්රිස්තුස් ජේසුස් වහන්සේ තුළ සදාතන ජීවනය යි.
සසඳන්න
රෝම 6:23 ගවේෂණය කරන්න
2
රෝම 6:14
මින් මතු ඔබේ ස්වාමියා, පාපය නොවේ; මන්ද, ඔබ නීතිය යටතෙහි නොව, දේව වරප්රසාදය යටතෙහි ජීවත් වන බැවිනි.
රෝම 6:14 ගවේෂණය කරන්න
3
රෝම 6:4
එබැවින් අපේ බව්තීස්ම-ස්නාපනයෙන් අපිත් උන් වහන්සේගේ මරණයට, සම්බන්ධ වී උන් වහන්සේ සමඟ වළලනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියාණන් වහන්සේගේ මහිමාන්විත ක්රියාවෙන් ක්රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය ලැබූ සේ ම, අප ද නව ජීවන මඟක ගමන් කරනු සඳහා ය.
රෝම 6:4 ගවේෂණය කරන්න
4
රෝම 6:13
තවද ඔබේ ඉන්ද්රියයන් අදමිටුකමේ ආයුධ වන ලෙස පාපයට භාර නොදෙන්න. එසේ නොකර මළවුන් කෙරෙන් උත්ථාන වූ අය මෙන් දෙවියන් වහන්සේට කැප වී, ඔබේ ඉඳුරන් දමිටුකමෙහි ආයුධ වන ලෙස උන් වහන්සේට භාර කරන්න.
රෝම 6:13 ගවේෂණය කරන්න
5
රෝම 6:6
මින් මතු අප පාපයට වහල් නොවන පිණිස අපේ පාපී ස්වභාවය නැති වන සේ අපේ පූර්ව මිනිස් ගතිය උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ බව අපි දනිමු.
රෝම 6:6 ගවේෂණය කරන්න
6
රෝම 6:11
ඔබත් එසේ ම පාප විමුක්තිය ලත් අය බව ද, ක්රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ උදෙසා ජීවත් ව සිටින්නන් බව ද සිතට ගන්න.
රෝම 6:11 ගවේෂණය කරන්න
7
රෝම 6:1-2
එසේ නම් කුමක් කියමු ද? දේව වරප්රසාදය වැඩි වන පිණිස පාපයෙහි නිරත වී සිටිමු ද? නැත, කොහෙත් ම නැත; පාපයෙන් විමුක්තිය ලැබූ අප එහි තවදුරටත් ජීවත් වන්නේ කෙසේ ද?
රෝම 6:1-2 ගවේෂණය කරන්න
8
රෝම 6:16
ඔබ යමෙකු යටතේ වහල් සේවයට බැඳුණොත්, ඔබ ඒ ස්වාමියාගේ දාසයන් වන බව නොදන්නහු ද? පාපය ඔබේ ස්වාමියා වුවහොත්, එහි විපාකය මරණය වේ. දෙවියන් වහන්සේට කීකරුකම ඔබේ ස්වාමියා වුවහොත් එහි විපාකය දමිටු බව වේ.
රෝම 6:16 ගවේෂණය කරන්න
9
රෝම 6:17-18
වරක් පාපයට දාසයන් ව සිටි ඔබ, දැන් ඔබට භාර දී ඇති ඉගැන්වීමට මුළු සිතින් කීකරු වූ බැවින් දෙවියන් වහන්සේට ස්තුති වේ වා! ඔබ පාපයෙන් නිදහස ලැබූ විට දමිටුකමේ දාසයෝ වූවහු ය.
රෝම 6:17-18 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ