1
රෝම 12:2
Sinhala New Revised Version
NRSV
ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී, සිත අලුත් කරගැනීමෙන් වෙනස් අය වන්න. එවිට, දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම්, යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණ වූ දේ කුමක් ද කියා ඔබට තේරුම්ගත හැකි ය.
සසඳන්න
රෝම 12:2 ගවේෂණය කරන්න
2
රෝම 12:1
සහෝදරයෙනි, දෙවියන් වහන්සේ ඉමහත් දයාවක් පෙන් වූ බැවින්, ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ, උන් වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උදක් ම ඉල්ලමි. සැබෑ බුද්ධිමය නමස්කාරය එය වේ.
රෝම 12:1 ගවේෂණය කරන්න
3
රෝම 12:12
බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න; විපතේ දී ඉවසිලිමත් වන්න; යාච්ඤාවෙහි නොකඩව යෙදෙන්න
රෝම 12:12 ගවේෂණය කරන්න
4
රෝම 12:21
නපුරෙන් පරාජය නොවී, යහපතින් නපුර පරාජය කරන්න.
රෝම 12:21 ගවේෂණය කරන්න
5
රෝම 12:10
සුහද සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ගෞරවයෙන් තමාට වඩා අනෙක් අය උතුම් කොට සලකන්න.
රෝම 12:10 ගවේෂණය කරන්න
6
රෝම 12:9
ප්‍රේමය අවංක වේ වා. නපුර පිළිකුල් කොට, යහපතට ඇලුම් වන්න.
රෝම 12:9 ගවේෂණය කරන්න
7
රෝම 12:18
ඔබට හැකි පමණට හැම දෙනා සමඟ සාමකාමී ව සිටීමට උත්සාහ කරන්න.
රෝම 12:18 ගවේෂණය කරන්න
8
රෝම 12:19
මිත්‍රවරුනි, පළි ගැනීමෙන් තොර ව, දේව උදහස ක්‍රියා කිරීමට ඉඩ හරින්න. මන්ද: “ ‘පළිගැනීම මා සතු ය, මම විපාක දෙමි’යි සමිඳාණන් වහන්සේ පවසන සේකැ”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත.
රෝම 12:19 ගවේෂණය කරන්න
9
රෝම 12:11
අලසකමින් තොර ව, කාර්යශීලී වන්න; උද්යෝගිමත් හදකින් සමිඳාණන් වහන්සේට සේවය කරන්න
රෝම 12:11 ගවේෂණය කරන්න
10
රෝම 12:3
ඔබ එකිනෙකා පමණට වඩා තමන් ගැන ඉහළින් නොසිතන ලෙසත්, දෙවියන් වහන්සේ එකිනෙකාට ප්රදානය කළ ඇදහිල්ලේ ප්‍රමාණයට තැන්පත් සිතින් සිතන ලෙසත්, මට දී ඇති දේව වරප්‍රසාදය අනුව ඔබ එකිනෙකාට කියමි.
රෝම 12:3 ගවේෂණය කරන්න
11
රෝම 12:17
කිසිවෙකුට නපුරට නපුර නොකරන්න. සියල්ලන් ඉදිරියෙහි උසස් යයි සම්මත දේ කිරීමට සිතට ගන්න.
රෝම 12:17 ගවේෂණය කරන්න
12
රෝම 12:16
හැම දෙනා සමඟ එක් සිත් ව ඉන්න, අහංකාර නොවී, යටහත් පහත් අය ආශ්‍රය කරන්න. ඔබ ප්‍රඥාවන්ත යයි සිතා උඩඟු නොවන්න.
රෝම 12:16 ගවේෂණය කරන්න
13
රෝම 12:20
මෙසේ ද ලියා ඇත: “ඔබේ සතුරාට බඩගිනි නම් කන්නට දෙන්න. පිපාස නම් බොන්නට දෙන්න; එවිට ඔහු හිස ගිනිගත් කෙනෙකු මෙන් ලජ්ජාවෙන් දැවෙනු ඇත.”
රෝම 12:20 ගවේෂණය කරන්න
14
රෝම 12:14-15
ඔබට පීඩා කරන්නන්ට ආශීර්වාද කරන්න, සාප නොකර ආශීර්වාද ම කරන්න. ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න, ශෝක වන්නන් සමඟ ශෝක වන්න.
රෝම 12:14-15 ගවේෂණය කරන්න
15
රෝම 12:13
සැදැහැවතුන්ගේ ඕනෑඑපාකම් වල දී උපකාර කරන්න. ආගන්තුක සත්කාරයට ලැදි ව සිටින්න.
රෝම 12:13 ගවේෂණය කරන්න
16
රෝම 12:4-5
එක ම මිනිස් සිරුරෙහි අපට බොහෝ අවයව ඇතත්, ඒ අවයවයෝ එක ම කාර්යය නොකරති. එසේ ම බොහෝ දෙනෙක් වූ අපිත් ක්‍රිස්තුන් වහන්සේ හා සම්බන්ධ ව එක ශරීරයක් වී, එහි වෙන් වෙන් වශයෙන් අන්‍යොන්‍ය අවයවයෝ වම්හ.
රෝම 12:4-5 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ