1
ගණන් කථාව 21:8
Sinhala New Revised Version
NRSV
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ලෝකඩ සර්පයෙකු සාදා රිටක් පිට තබන්න. දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද, ඔහු එය දෙස බැලුවහොත්, සුව වනු ඇතැ”යි වදාළ සේක.
සසඳන්න
ගණන් කථාව 21:8 ගවේෂණය කරන්න
2
ගණන් කථාව 21:9
එවිට මෝසෙස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිටක් පිට තැබී ය. සර්පයෙක් යමෙකු දෂ්ට කෙළේ ද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුවපත් විය.
ගණන් කථාව 21:9 ගවේෂණය කරන්න
3
ගණන් කථාව 21:5
සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, “මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ”යි පැවසූ හ.
ගණන් කථාව 21:5 ගවේෂණය කරන්න
4
ගණන් කථාව 21:6
එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ.
ගණන් කථාව 21:6 ගවේෂණය කරන්න
5
ගණන් කථාව 21:7
එබැවින් සෙනඟ මෝසෙස් වෙත පැමිණ, “අපි සමිඳාණන් වහන්සේටත්, ඔබටත් විරුද්ධ ව කතා කිරීමෙන් පව් කෙළෙමු. මේ සර්පයන් අප මැදින් ඉවත් කරන ලෙස උන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ද සෙනඟ උදෙසා යාච්ඤා කෙළේ ය.
ගණන් කථාව 21:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ