එහෙත්, උන් වහන්සේ අමුතු දෙයක් කරමින්, භූමියේ කට අයා ඔවුන් ද ඔවුන් සතු සියල්ල ද ගිලගෙන පාතාලයට ඔවුන් පණපිටින් වැටෙන්නට සැලැස්සුවොත්, මේ මිනිසුන් උන් වහන්සේ ප්රතික්ෂේප කළ බව නුඹලා දැනගත යුතු ය”යි කීවේ ය.
මේ වචන සියල්ල පවසා නිම වූ විගස, ඔවුන් සිටගෙන උන් තැන පැළිණි. භූමිය කට අයා ගත්තේ ය. ඔවුනුත්, නිවාසත්, කෝරාගේ සියලු පිරිසත්, සකල සම්පතත් භූමිය ගිලදැමී ය.