1
ශුද්ධවර මාක් 9:23
Sinhala New Revised Version
NRSV
ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබට හැකි නම්, කියා ඔබ කීවෙහි ද? අදහන්නාට සියල්ල හැකි ය”යි වදාළ සේක.
සසඳන්න
ශුද්ධවර මාක් 9:23 ගවේෂණය කරන්න
2
ශුද්ධවර මාක් 9:24
එකෙණෙහි ම දරුවාගේ පියා, “මම අදහමි, මාගේ ඇදහිල්ල මදිකම ගැන පිහිටවුව මැනවැ”යි මොරගා කීවේ ය.
ශුද්ධවර මාක් 9:24 ගවේෂණය කරන්න
3
ශුද්ධවර මාක් 9:28-29
උන් වහන්සේ ගෙට පිවිසි කල ශ්‍රාවකයෝ කතා කොට, “ඒ ආත්මය දුරු කරන්න අපට නොහැකි වූයේ මන්දැ”යි උන් වහන්සේගෙන් රහසින් විචාළහ. උන් වහන්සේ ද “යාච්ඤාවෙන් මිස අන් මඟකින් මෙවැනි ආත්ම දුරු කළ නොහැකි ය”යි ඔවුන්ට වදාළ සේක.
ශුද්ධවර මාක් 9:28-29 ගවේෂණය කරන්න
4
ශුද්ධවර මාක් 9:50
ලුණු හොඳ ය. එහෙත් ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඔබ තුළ සුහදතාව නමැති ලුණු ගතිය ඇතිව එකිනෙකා සමඟ සාමකාමී ව සිටින්නැ”යි වදාළ සේක.
ශුද්ධවර මාක් 9:50 ගවේෂණය කරන්න
5
ශුද්ධවර මාක් 9:37
“මෙබඳු කුඩා දරුවන්ගෙන් එකෙකු මාගේ නාමයෙන් පිළිගන්නා, මා පිළිගන්නේ ය. මා පිළිගන්නා, පිළිගන්නේ මා නොව, මා එවා වදාළ තැනැන් වහන්සේ ය”යි ඔවුන්ට වදාළ සේක.
ශුද්ධවර මාක් 9:37 ගවේෂණය කරන්න
6
ශුද්ධවර මාක් 9:41
ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති බැවින් ඒ නාමයෙන් යමෙක් ඔබට වතුර කෝප්පයක් වුව ද බොන්න දෙන්නේ නම්, එහි ආනිශංසය ඔහුගෙන් කිසි සේත් නැති නොවන්නේ යයි සැබැවින් ම මම ඔබට කියමි”යි වදාළ සේක.
ශුද්ධවර මාක් 9:41 ගවේෂණය කරන්න
7
ශුද්ධවර මාක් 9:42
“තවද, උන් වහන්සේ කතා කරමින් මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමඟ යවන යම් කෙනෙක් ඇද්ද, ඔහුගේ ගෙල වටා මහා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළාදැමීම ඔහුට යහපත.
ශුද්ධවර මාක් 9:42 ගවේෂණය කරන්න
8
ශුද්ධවර මාක් 9:47
ඔබේ වැටීමට හේතුව ඔබේ ඇස නම් එය උපුටා දමන්න. දෑස ඇතිව අපායේ හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතිව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම ඔබට යහපත.
ශුද්ධවර මාක් 9:47 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ