1
වීරාවලිය 16:20
Sinhala New Revised Version
NRSV
ඈ ද, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි කීවා ය. එවිට සම්සොන් නින්දෙන් පිබිද, සමිඳාණන් වහන්සේ තමා කෙරෙන් අහක් ව ගිය බව නොදැන, වෙන වතාවල දී මෙන් පිටතට ගොස් බැඳුම්වලින් නිදහස් වන්නෙමි”යි සිතුවේ ය.
සසඳන්න
වීරාවලිය 16:20 ගවේෂණය කරන්න
2
වීරාවලිය 16:28
සම්සොන් සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “අනේ, දෙවි සමිඳාණන් වහන්ස, මා සිහි කළ මැනව. අනේ සමිඳුනි, මාගේ ඇස් දෙක උගුලා දැමූ නිසා, පිලිස්තිවරුන්ගෙන් එක වරට ම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවැ”යි කීවේ ය.
වීරාවලිය 16:28 ගවේෂණය කරන්න
3
වීරාවලිය 16:17
එබැවින් ඔහු රහස ඈට දන්වමින් ඈට මෙසේ කීවේ ය: “මා මවු කුස පටන් දෙවියන් වහන්සේට කැප වූ නාසරීයයෙකු බැවින් දැළි පිහියක් මාගේ හිසට ළං නොකරන ලද්දේ ය. මාගේ හිස බූගෑවොත්, මාගේ යෝධ ශක්තිය මාගෙන් නැති වී යන්නේ ය. මා ද බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි කීවේ ය.
වීරාවලිය 16:17 ගවේෂණය කරන්න
4
වීරාවලිය 16:16
ඉන්පසු ඈ සෑම දා ම ඇගේ ඉල්ලීමෙන් ඔහුට පෙරැත්ත කළා ය. ඒ නිසා මැරෙන තරමට ඔහුගේ ජීවිතය ඔහුට එපා විය.
වීරාවලිය 16:16 ගවේෂණය කරන්න
5
වීරාවලිය 16:30
පිලිස්තිවරුන් සමඟ මමත් නසිම්වා”යි කියා තමාගේ මුළු ශක්තියෙන් ඉදිරියට නැඹුරු වූයේ ය. එවිට ගෘහය, අධිපතීන් සහ එහි සිටි සියලු සෙනඟ පිට කඩාවැටුණේ ය. මෙසේ ඔහු ජීවත් ව සිටිය දී මැරූ අයට වඩා ඔහුගේ මරණයේ දී මැරූ අයගේ ගණන වැඩි විය.
වීරාවලිය 16:30 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ