1
යෙසායා 26:3
Sinhala New Revised Version
NRSV
තිරසර අරමුණු ඇති ව, ඔබ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට ම සමිඳුනි, ඔබ සදා ශාන්තිය දෙන සේක.
සසඳන්න
යෙසායා 26:3 ගවේෂණය කරන්න
2
යෙසායා 26:4
සදහට ම සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න. එතුමාණෝ ඔබ හැමදා ආරක්ෂා කරන සේක.
යෙසායා 26:4 ගවේෂණය කරන්න
3
යෙසායා 26:9
රාත්‍රියේ දී මාගේ මුළු සිතින් මම ඔබට ආසා කරමි. ඉතා ආශාවෙන් අලුයම් වේලේ මම ඔබ සොයන්නෙමි. ඔබ පොළොව සහ එහි සෙනඟ විනිශ්චය කරන කල යුක්තිය කුමක් දැ යි ඔව්හු දැනගන්නෝ ය.
යෙසායා 26:9 ගවේෂණය කරන්න
4
යෙසායා 26:12
සමිඳුනි, ඔබ අපට සෞභාග්‍යය දෙන සේක. අප ඉෂ්ට කරන හැම දේ ඔබේ ක්රියාවේ ප්රතිඵලයකි.
යෙසායා 26:12 ගවේෂණය කරන්න
5
යෙසායා 26:8
අපි ඔබ කැමැත්ත අනුව යමු; අපේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි ය. අපේ මුළු ආසාව ඔබේ නම පැසසුම ය.
යෙසායා 26:8 ගවේෂණය කරන්න
6
යෙසායා 26:7
සමිඳුනි, ඔබ දමිටුන්ගේ මාර්ගය සූදානම් කර ඇත; ඔවුන් යන මඟ සමතලා කර ඇත.
යෙසායා 26:7 ගවේෂණය කරන්න
7
යෙසායා 26:5
එතුමාණෝ උඩඟු අය පහත් කළ සේක; ඔවුන් විසූ බලවත් නගර බිඳ හෙළූ සේක. එහි පවුරු පොඩිපට්ටම් කොට දූවිල්ලට ඇද දැමූ සේක.
යෙසායා 26:5 ගවේෂණය කරන්න
8
යෙසායා 26:2
හරි දේ කරන සෙනඟක් වන විශ්වාසවන්ත ජනතාවට දේශයට ඇතුළු වීමට හැකි වන ලෙස වාසල් දොරටු හරිනු මැනව.
යෙසායා 26:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ