1
උත්පත්ති 46:3
Sinhala New Revised Version
NRSV
එවිට උන් වහන්සේ කතා කරමින්, “මම වනාහි දෙවියන් වහන්සේ වෙමි; නුඹේ පියාගේ දෙවියන් වහන්සේ වෙමි. මිසරයට යෑමට බිය නොවන්න. මන්ද, මම එහි දී නුඹේ පෙළපතින් මහත් ජාතියක් ඇති කරන්නෙමි.
සසඳන්න
උත්පත්ති 46:3 ගවේෂණය කරන්න
2
උත්පත්ති 46:4
මම නුඹ සමඟ මිසරයට ගොස් යළි මම ම නුඹ ආපසු ගෙනෙන්නෙමි. තවද, නුඹ මැරෙන විට ජෝසෙප්ගේ අත නුඹේ ඇස් පියවන්නේ ය”යි වදාළ සේක.
උත්පත්ති 46:4 ගවේෂණය කරන්න
3
උත්පත්ති 46:29
එවිට ජෝසෙප් තම රථය සූදානම් කොට, තම පියා වන ජාකොබ් හමු වීමට ගෝෂෙන් බලා ගියේය. තම පියා දුටු කෙණෙහි ම ඔහු ඔහුගේ ගෙල බදාගෙන බොහෝ වේලාවක් ගෙල මත හැඬී ය.
උත්පත්ති 46:29 ගවේෂණය කරන්න
4
උත්පත්ති 46:30
එවිට ජාකොබ් ජෝසෙප්ට කතා කොට, “ඔබේ මූණ දැක ඔබ තව ම ජීවත් ව සිටින බව දුටු හෙයින් දැන් ඉතින් මා මළත් කම් නැතැ”යි කීවේ ය.
උත්පත්ති 46:30 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ