1
උත්පත්ති 25:23
Sinhala New Revised Version
NRSV
සමිඳාණන් වහන්සේ ඈට කතා කොට මෙසේ වදාළ සේක: “ජාතීන් දෙකක් ඔබ කුස තුළ ඇත; දෙවර්ගයක සෙනඟක් ඔබ කුසෙන් බෙදී නික්මෙති. එක සෙනඟක් අනිකට වඩා බලවත් වෙති; වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇත.”
සසඳන්න
උත්පත්ති 25:23 ගවේෂණය කරන්න
2
උත්පත්ති 25:30
ඔහු ජාකොබ්ට කතා කොට, “කරුණාකර, ඔය රතු පාට ව්‍යංජනයෙන් කෑමට මට දෙන්න; බලන්න, මට හරි මහන්සි ය”යි කී ය. මේ කරුණ නිසා ඔහුට ඒදොම් යන නම දෙන ලදී.
උත්පත්ති 25:30 ගවේෂණය කරන්න
3
උත්පත්ති 25:21
ඈ වඳ ස්ත්‍රියක වූයෙන්, ඔහු තම බිරිඳ උදෙසා බැගෑපත් ලෙස සමිඳාණන් වහන්සේ අයැදී ය. උන් වහන්සේ ඔහුගේ ඉල්ලීමට සවන් දුන් සේක. රෙබෙකා ගැබ්ගත්තා ය.
උත්පත්ති 25:21 ගවේෂණය කරන්න
4
උත්පත්ති 25:32-33
එවිට ඒසව් පිළිතුරු දෙමින්, “මම දැන් මරණාසන්න ව සිටිමි. කුලුඳුල්කමේ උරුමයෙන් මට කුමන වැඩක් දැ”යි පැවසී ය. ජාකොබ්, “එසේ නම් අද මා ඉදිරියෙහි දිවුරන්නැ”යි කීවෙන්, ඒසව් ඔහු ඉදිරියෙහි දිවුරුවේ ය. මෙලෙස ඒසව් කුලුඳුල්කමේ උරුමය ජාකොබ්ට විකිණී ය.
උත්පත්ති 25:32-33 ගවේෂණය කරන්න
5
උත්පත්ති 25:26
ඉන්පසු උපන්නේ ඔහුගේ සහෝදරයා ය. ඔහු තම අතින් ඒසව්ගේ විලුඹ අල්ලාගෙන සිටියේ ය. එබැවින් ඔහුට ජාකොබ් යන නම දෙන ලදී. රෙබෙකාට මොවුන් ලැබෙන විට ඊසාක්ගේ වයස අවුරුදු හැටකි.
උත්පත්ති 25:26 ගවේෂණය කරන්න
6
උත්පත්ති 25:28
ඊසාක්, ඒසව් ගෙනා මුව මස් කෑ හෙයින් ඔහුට වඩා කැමැති විය; එහෙත් රෙබෙකා වඩා කැමැති වූයේ ජාකොබ්ට ය.
උත්පත්ති 25:28 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ