1
දානියෙල් 1:8
Sinhala New Revised Version
NRSV
දානියෙල් තෙමේ රජුගේ භෝජනයෙන් වත්, ඔහු බොන මිදියුසෙන් වත් තමා අපවිත්‍ර නොවී සිටින පිණිස අධිෂ්ඨාන කරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටීමට ප්‍රධාන නපුංසකයාගෙන් අවසර අයැද සිටියේ ය.
සසඳන්න
දානියෙල් 1:8 ගවේෂණය කරන්න
2
දානියෙල් 1:17
ඒ තරුණයන් සතරදෙනාට දෙවියන් වහන්සේ සාහිත්‍ය විෂයය හා ශිල්ප ශාස්ත්‍රය පිළිබඳ මනා දැනුමක් හා අවබෝධයක් දුන් සේක. සියලු ආකාර දර්ශන හා ස්වප්න තේරුම් කර දීමේ වරම ද දානියෙල්ට තිබිණි.
දානියෙල් 1:17 ගවේෂණය කරන්න
3
දානියෙල් 1:9
දෙවියන් වහන්සේ දානියෙල්ට ප්‍රධාන නපුංසකයාගෙන් කරුණාවත්, අනුකම්පාවත් ලැබෙන්නට සැලැස්සූ සේක.
දානියෙල් 1:9 ගවේෂණය කරන්න
4
දානියෙල් 1:20
එබැවින් ඔව්හු රාජ සේවයට ඇතුළත් කරන ලද හ. තේරුම් පැහැදුම් ඇති ව විමසිය යුතු යම් යම් කරුණු සම්බන්ධයෙන් රජතුමා ඔවුන්ගෙන් විමසූ විට, මුළු රාජ්‍යයේ සිටි සියලු මන්ත්‍රකාරයන්ටත්, අනවිනකාරයන්ටත් වඩා දස ගුණයකින් ඔවුන් සමත් බව එතුමාට පෙනී ගියේ ය.
දානියෙල් 1:20 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ