1
කොලොස්සි 2:6-7
Sinhala New Revised Version
NRSV
එබැවින් ඔබ ක්රිස්තුස් ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ වශයෙන් පිළිගෙන තිබෙන බැවින් උන් වහන්සේ හා ඒකාබද්ධ වී ජීවත් වන්න. උන් වහන්සේ තුළ මුල් ඇදගන්න පරිදි ස්ථීර ව සිටින්න; උන් වහන්සේ මත ඔබේ ජීවිත නිර්මාණය කරගන්න; ඔබට උගන්වන ලද ඇදහිල්ලේ පිහිටා සිටින්න. බෙහෙවින් තුති පුදන්න.
සසඳන්න
කොලොස්සි 2:6-7 ගවේෂණය කරන්න
2
කොලොස්සි 2:8
ක්රිස්තුන් වහන්සේගෙන් නොවන, මිනිස් සම්ප්රදායයන් හා ලෝක භූතාධිපතීන් පදනම්කොටගත් දර්ශනවාදවලින් හා සම්ප්රලාපවලින් උගුල් අටවන අයගෙන් පරිස්සම් වන්න.
කොලොස්සි 2:8 ගවේෂණය කරන්න
3
කොලොස්සි 2:13-14
ඔබ පව්කාරයන් නිසාත්, අචර්මඡේදිතයන් වූ නිසාත් මැරී සිටි නමුත්, දෙවියන් වහන්සේ ඔබ ක්රිස්තුන් වහන්සේ සමඟ ජීවත් කර ඔබේ සියලු පව් කමා කළ සේක. අණපණත්වලට අප බැඳ තැබූ අපට අහිතකර ඇපකරය උන් වහන්සේ අවලංගු කළ සේක. එය කුරුසියේ ඇණ ගසා අපෙන් ඉවත් කළ සේක.
කොලොස්සි 2:13-14 ගවේෂණය කරන්න
4
කොලොස්සි 2:9-10
මන්ද, ක්රිස්තුන් වහන්සේ තුළ, උන් වහන්සේගේ මිනිස් බවෙහි ම දේවත්වයේ පරිපූර්ණතාව වැඩ වාසය කරයි. සකල භූතාධිපතීන්ට හා බලධාරීන්ට ඉහළින් පරමෝත්තම වන උන් වහන්සේ හා ඒකාබද්ධ වීමෙන් ඔබේ පූර්ණත්වය සැලසී ඇත.
කොලොස්සි 2:9-10 ගවේෂණය කරන්න
5
කොලොස්සි 2:16-17
එබැවින් කෑම ගැන වත්, බීම ගැන වත්, මංගල දවසක් ගැන වත්, අමාවක දවසක් ගැන වත්, සබත් දවස් ගැන වත් ඔබ විනිශ්චය කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඒවා පැමිණෙන්නට තිබුණු දේවල ඡායාවක් පමණි. ඒ දේවල යථා තත්ත්වය ක්රිස්තුන් වහන්සේ ය.
කොලොස්සි 2:16-17 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ