1
1 ජොහන් 5:14
Sinhala New Revised Version
NRSV
උන් වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන් වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත්, උන් වහන්සේ අපේ ඉල්ලීම අසන බව ය.
සසඳන්න
1 ජොහන් 5:14 ගවේෂණය කරන්න
2
1 ජොහන් 5:15
ඒ ඉල්ලීමට උන් වහන්සේ සවන් දෙන බව අපි දනිමු නම්, අප උන් වහන්සේගෙන් ඉල්ලන දේ අපට ලැබෙන බව අපි දනිමු.
1 ජොහන් 5:15 ගවේෂණය කරන්න
3
1 ජොහන් 5:3-4
දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම යනු උන් වහන්සේගේ ආඥා පිළිපැදීම යි. උන් වහන්සේගේ ආඥා පිළිපැදීම දුෂ්කර නොවේ. මන්ද, දෙවියන් වහන්සේගෙන් උපන් හැම කෙනෙකු ම ලෝකයෙන් ජයගෙන ඇත. ලෝකය පරදවන වික්‍රමය නම් ඇදහිල්ල යි.
1 ජොහන් 5:3-4 ගවේෂණය කරන්න
4
1 ජොහන් 5:12
පුත්‍රයාණන් වහන්සේ පිළිගත් තැනැත්තාට මේ ජීවනය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නොපිළිගත් තැනැත්තාට ඒ ජීවනය නැත.
1 ජොහන් 5:12 ගවේෂණය කරන්න
5
1 ජොහන් 5:13
මෙය මා ඔබ වෙත ලියා එවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අදහන ඔබ හැමට සදාතන ජීවනය ඇති බව ඔබ නිසැක ව දැනගන්නා පිණිස ය.
1 ජොහන් 5:13 ගවේෂණය කරන්න
6
1 ජොහන් 5:18
දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙකු පාපයෙහි නිරත ව නොසිටින බව අපි දනිමු. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ඔහු රක්ෂා කරන සේක. ඔහුට හානියක් කරන්නට නපුරාට බැරි ය.
1 ජොහන් 5:18 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ