1
1 කොරින්ති 9:25-26
Sinhala New Revised Version
NRSV
දිනන පිණිස වීර්ය කරන සෑම ක්‍රීඩකයෙක් ම හැම අතින් ම දැඩි පුහුණුවක් ලබයි. ඔවුන් එසේ කරන්නේ පර වී යන මල් ඔටුන්නක් ලබාගන්නා පිණිස ය. අප එසේ කරන්නේ පර වී නොයන ඔටුන්නක් ලබාගන්නා පිණිස ය. එහෙයින් මා දුවන්නේ දිනුම් කණුව දෙස නොබලා දුවන්නෙකු මෙන් නොවේ. පහර දෙන්නේ සුළඟට පහර දෙන මල්ලව ක්‍රීඩකයෙකු මෙන් නොවේ.
සසඳන්න
1 කොරින්ති 9:25-26 ගවේෂණය කරන්න
2
1 කොරින්ති 9:27
මම මාගේ ශරීරය දැඩි ලෙස දමනය කර එය වහල් කරගනිමි. එසේ කරන්නේ අන්‍යයන්ට දේශනා කළායින් පසු, කිසි ලෙසකින් වත් මා ප්‍රතික්ෂේප කරනු නොලබන පිණිස ය.
1 කොරින්ති 9:27 ගවේෂණය කරන්න
3
1 කොරින්ති 9:24
දිවීම් තරඟයක දී බොහෝ දෙනෙකු දුවන නමුත්, ත්‍යාගය දිනා ගන්නේ එක් කෙනෙකු පමණක් බව ඔබ නොදන්නහු ද? එසේ ම ඔබත් දිනන පිණිස දුවන්න.
1 කොරින්ති 9:24 ගවේෂණය කරන්න
4
1 කොරින්ති 9:22
දුර්වලයන් දිනාගන්නා පිණිස, මම දුර්වලයන්ට දුර්වලයෙක් වීමි. කෙසේ හෝ වේවා ටික දෙනෙකු වුවත් දිනාගන්නා පිණිස, මම සියල්ලෙහි දී ඒ ඒ තැනට ඔබින ලෙස ක්‍රියා කෙළෙමි.
1 කොරින්ති 9:22 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ