1
ශෙපනියා 3:17
Sinhala Revised Old Version
SROV
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ සිටිනසේක, උන්වහන්සේ ගළවන්ට බලවත්වූ තැනන්වහන්සේය. උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීතිවී, තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටිනසේක, ප්‍රීති ඝෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත්වනසේක.
සසඳන්න
ශෙපනියා 3:17 ගවේෂණය කරන්න
2
ශෙපනියා 3:20
මා විසින් නුඹලා රැස්කරන ඒ කාලයෙහිම නුඹලා ඇතුළට ගෙනෙන්නෙමි. මක්නිසාද මම නුඹලාගේ ඇස් හමුවෙහි නුඹලාගේ වහල්කම පහකරන විට, පොළොවේ සියලු ජනයන් අතරෙහි නුඹලා නාමයක්ද ප්‍රශංසාවක්ද කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ශෙපනියා 3:20 ගවේෂණය කරන්න
3
ශෙපනියා 3:15
ස්වාමීන්වහන්සේ නුඹේ විනිශ්චයන් පහකළසේක, නුඹේ සතුරන් පිටත හෙළූසේක. ඉශ්රායෙල් රජවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ සිටිනසේක. නුඹ තවත් විපත්තියට භය නොවන්නෙහිය.
ශෙපනියා 3:15 ගවේෂණය කරන්න
4
ශෙපනියා 3:19
ඒ කාලයේදී නුඹට පීඩාකරන සියල්ලන්ට මම ප්‍රතිඵල දෙන්නෙමි. කොරගසගසා යන්නන් ගළවා, පන්නාදැමූවන් රැස්කොට, ඔවුන් ලජ්ජාව වින්දාවූ සියලුම දේශවල ඔවුන් ප්‍රශංසාවක්ද නාමයක්ද වෙන්ට සලස්වන්නෙමි.
ශෙපනියා 3:19 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ