1
තීතස් 3:4-7
Sinhala Revised Old Version
SROV
නුමුත් අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ ගුණවන්තකමද මනුෂ්‍යයන් කෙරෙහි ඇති ප්‍රේමයද ප්රකාශවූ කල, අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නමැති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලුත්කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූසේක. එසේය, උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨකරනු ලැබ, සදාකාල ජීවනයේ බලාපොරොත්තුවේ හැටියට උරුමක්කාරයන් වන පිණිස, උන්වහන්සේ අපගේ ගැළවුම්කාරයාණන්වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ශුද්ධාත්මය අධිකලෙස අප පිට වැගිරෙවූසේක.
සසඳන්න
තීතස් 3:4-7 ගවේෂණය කරන්න
2
තීතස් 3:1-2
අධිපතීන්ටත් බලය ඇත්තන්ටත් යටත් වෙන්ටද, කීකරුවෙන්ටද, සියලු යහපත් වැඩවලට සූදානම්ව සිටින්ටද, කිසිවෙකු ගැන අගුණ නොකියන්ටද, ඩබරකාරයන් නොවී ඉවසිලිවන්තව සිට, සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක්ගුණය පෙන්වන්ටද ඔවුන්ට සිහිකරවන්න.
තීතස් 3:1-2 ගවේෂණය කරන්න
3
තීතස් 3:9
නුමුත් මෝඩ වාද, පෙළපත් කථා, විවාද, ව්‍යවස්ථාව ගැන ඩබර යන මේවායින් අහක්වෙන්න; මක්නිසාද ඒවා නිෂ්ඵලය, නිරර්ථකය.
තීතස් 3:9 ගවේෂණය කරන්න
4
තීතස් 3:10
භේදකාර මනුෂ්‍යයා පෙරළී ඉන්න බවත් දැනගනම පව්කරන බවත් නුඹ දන්න බැවින්.
තීතස් 3:10 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ