ස්වාමීන්වහන්සේ ද්වේෂකරන කාරණා හයක් තිබේ;
එසේය, උන්වහන්සේට පිළිකුල්වූ කාරණා සතක් තිබේ:
උඩඟු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරුවන අත්ය,
දුෂ්ට උපා යොදන සිතය, නපුරට දුවන්ට ඉක්මන්වෙන පාදයෝය,
මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය, සහෝදරයන් අතරේ භේද පතුරුවන්නාය.